ශ්රී ලංකාවේ කුරුඳුවලට යුරෝපා භූගෝලීය දර්ශක සහතිකය ලැබෙයි
යුරෝපීය කොමිසම මගින් පිරිනමනු ලබන භූගෝලීය දර්ශක (GI) සහතිකය ශ්රී ලංකාවේ කුරුඳුවලට ලැබී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.
මෙම භූගෝලීය දර්ශකය හිමිකරගත් ශ්රී ලංකාවේ පළමු නිෂ්පාදනය වන්නේද කුරුඳුයි. කුරුඳු වෙනුවෙන් මෙම සහතිකය ඊයේ (02දා) ලබාදුන් බව යුරෝපා කොමිෂම කියයි.
GI තත්ත්වය ලැබීමෙන් පසුව යුරෝපා වෙළෙඳපොළේ ඇති ශ්රී ලංකා කුරුඳු (Ceylon Cinnamon) අනෙකුත් අඩු ගුණාත්මක කුරුඳුවලින් වෙන්කර හඳුනා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙයි.
"මෙය ශ්රී ලංකාවට තරගකාරී සහ වාසිදායක ලෙස ක්රියාකරන අතර එමගින් වෙළෙඳපොළ විවිධත්වය, නිෂ්පාදන ප්රමාණය වැඩිකිරීමට සහ පාරිභෝගිකයාගෙන් වැඩි මිලක් ලබාගැනීමට ඉඩ සැලසේ," යනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය පැවසීය.
2021 වර්ෂය තුළ දී කුරුඳු අපනයන මගින් ශ්රී ලංකාව ඇ. ඩොලර් මිලියන 230 ආදායමක් උපයා ඇති අතර, භූගෝලීය දර්ශකය ලබා ගැනීම තුළින් ඉදිරි වර්ෂවල දී මෙය ඇ. ඩොලර් බිලියනයක අපනයන කර්මාන්තයක් දක්වා එය වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ.
popular news
-
Kumar Thursday, 03 February 2022 04:24 PM
lankawen wadiyama kurundu yawanne mexicowatalu. ema kurundu nawatha asurala mexicowen amerikawata ewanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

