අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කොට තරුණයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහත නඩුව ලබන ජුනි 17 වනදා කැඳවීමට නියම කළේය.
පැමිණිල්ලේ සාක්කි කරුවන්ට එදින අධිකරණයේ පෙනී සිට ලෙස නියම කරමින් සිතාසි නිකුත් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා කෝ ඉට ආසන්න දිනයක රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී හ නොසැලකිලිමත් අන්දමින් රිය පදවා සංදීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයෙකු අනතුරට ලක් කොට බරපතල තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.