74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව හෙට (4) දිනයේදී සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගර මුලස්ථානය පවසයි.
මෙලෙස නිදහස හිමිවන්නේ, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත සිරකරුවන් ද, සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්, නියම කර ඇති දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති සිරකරුවන්, මහාධිකරණයෙන් වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියමකළ දින සිට පෙබරවාරි 04 වැනි දින දක්වා එම දඩුවමෙන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන් වෙයි.
මේ අනුව මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20ක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10ක් වශයෙන් මෙම පිරිසට නිදහස හිමිවෙයි.
පෙබරවාරි මස 04 වැනි දින දක්වා සිර දඬුවම් විදින සිරකරුවන්ට ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට දින 07ක සමාවක්ද හිමිවෙයි.