saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 6839 hours ago

LATEST

ඉන්ධන මිල ඉහළ දමයි - 92 පෙට්‍රල් දැන් රු.177යි

calendar_today 2021 දෙසැ 21 - 01:00 remove_red_eye - 1455  

මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

අපේ රටේ මාධ්‍ය ගෑස් ටැංකියක් පිපුරුණ විට ඒක ප්‍රවෘත්තියක් කර ගත්තාට, ගෑස් ටැංකිය අලුතින් හැදුවාම එක ප්‍රවෘත්තියක් කරගන්නේ නැහැ.

Read More

චීනයේ වාර්ෂික කොවිඩ්-19 එන්නත් නිෂ්පාදන ධාරිතාව මාත්‍රා බිලියන 7ක් දක්වා ළඟා වී ඇති බව එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) පවසයි.

Read More

අවුරුදු දෙකක් වයසැති දැරියකට අමානුෂික ලෙස පහරදුන් බව කියන අඹු සැමි යුවලක් ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලීසිය කියයි.

Read More

ලිට්රෝ ගෑස්වල සංයුතිය පිළිබඳ කිසිඳු වෙනසක් නැති අතර, ඒ පිළිබඳ විදේශ විශේෂඥ ආයතනවල ද නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ගෑස් භාවිතයේ දී ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

Read More

ලෝකයම එකට එකතු වී ඉදිරි වසර තුළ කොවිඩ්-19 වසංගතය අවසන් කිරීමට අවශ්‍ය දුෂ්කර තීරණ ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රයෙසුස් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

Read More

පාතාල කල්ලි සාමාජිකයෙක් වූ ’සමයං’ ඝාතනයේ ප්‍රධාන සකකරුවකුවූ කලූපේ කටා රොෂාන් නමැති පාතාල සාමාජිකයා අද (20) හික්කඩුව නලාගස්දෙණිය කන්නන්ගරවත්ත ප්‍රදේශයේදී පිරිසක් විසින් තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කොට ඇතැයි හික්කඩුව පොලීසිය කියයි.

Read More

ලබන වසරේ ආරම්භයේ සිට පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

Read More

ඔමික්‍රෝන් ප්‍රභේදය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව මෙම දත්ත පිළිබිඹු කරන අතර, සඳුදා වනවිට අවම වශයෙන් එක්සත් ජනපද ප්‍රාන්ත 48කින් එය සොයාගෙන ඇත.

Read More

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අද (20) පස්වරුවේ එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණ.

Read More

මැඩගස්කරයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවක් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස්, තවත් 60ක් පමණ අතුරුදහන් වී ඇති බව නාවික බලධාරීහු පවසති.

Read More

20 හැවිරිදි තරුණියක් මෙහෙකාර සේවයේ යොදවා ස්ත්‍රී දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් දින හතක් තිස්සේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයා අද (20) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය

Read More

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු පුදුමය උපදවන කාරණයක් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් ගැන පුරසාරම් දොඩවන ඇමෙරිකා එක්සත් ජනපදය මෙම සිදුවීමේදී පාකිස්තානයට පක්ෂව සිට ගැනීමය. ඊට මූලික වූ හේතු දෙකක් මෙහිදී පෙන්වා දීමට හැකිය.

Read More

උතුරු නැගෙනහිර ප්‍රදේශවල බොහෝ වගා බිම් පසුගිය දශක තුනකට අධික කාලයක් පැවති යුධමය වාතාවරණය හේතුවෙන් පාලුවට ගොස් මේ වන විට කැලෑ බවට පත් වී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්පත් කරගෙන ඇති බවට උතුරු නැගෙනහිර ජනතාව අවස්ථා කිහිපයක්දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා දැනුවත් කර ඇති බව ධීවර අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසයි.

Read More

හෙට (21) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මේ වනවිට පත්ව ඇති අර්බුද සියල්ල ස්භාවික ව්‍යවසනයකින් පත්වූ අර්බුද නොවන බවත් දීර්ඝ කාලයක් මුළුල්ලේ අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සිදුවු අර්බුද බවත් එම අර්බුද අවසන් කිරීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

Read More

අතිශය පූජනීය නගරයක් වන අනුරාධපුර නගරයේ නව බස් නැවතුම්පල අසල බෝගස ආසන්නයේ දැඩි දුර්ගන්දයක් සහිත ප්‍රදේශයක් බවට පත්ව ඇතැයි නගර වැසියන් චෝදනා කරයි.

Read More

දකුණේ දැඩි සිංහල ගමක, සිංහල පමණක් කථා කරන පවුලක ලබන වසරේදී ඉපදීමට කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

ජා-ඇල පොලිස් බල ප්‍රදේශයේ කොළඹ - මීගමුව මාර්ගයේ දෙහියාගාත මංසන්ධියේ බස් නැවතුමක් අසල මියගොස් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් ජා - ඇල පොලීසියට හමුවී ඇත.

Read More

සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලත් දුරදිග යාමෙන් අනතුරුව වැඩිමහල් සහෝදරයා විසින් සිදු කළ පහරදීමකින් අනතුරුව බාල සහෝදරයා මරණයට පත්වීමේ සිද්ධියක් මාතලේ පල්ලේපොල, පොල්වත්ත ප්‍රදේශයෙන් අද (20) වාර්තා වෙයි.

Read More

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා වෛද්‍ය උපදෙස් මත තාවකාලිකව ක්‍රියාකාරි දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

2021 තෙවැනි කාර්තුවේ ( ජුලි 01 - සැප්තැම්බර් 30) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සෘණාත්මක අගයක් ගෙන ඇත බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව එම කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 1.5කින් සංකෝචනය වී තිබේ.

Read More

’’මම ජීවත් වෙන්න විදිහක් නැතුව දරුවෝ දෙන්න හදාගන්න තමයි රට යන්න තීරණය කළේ පුංචි පැලක ජිවත් වෙන්නේ මම කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතන එකට ගිහිල්ලා පාස්පෝට් සියල්ල බාර දීලා තමයි රට යන්න සූදානම් වුණේ මට මාසයකට සංචාරක වීසා ගහලා දුන්නා ඩුබායි යන්න ඒ අනුව මම ගියා ඩුබායි වල්ට.’’

Read More

චීනය වැනි ප්‍රභල රටක් අමනාප කරගන්නවාට වඩා අදාල මුදල ගෙවා දෙරට අතර මිත්‍රත්වය පවත්වා ගැනීම වාසිදායක බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

Read More

කිලිනොච්චිය පොලිස් වසමේ අම්බාල් නගර් ප්‍රදේශයේ පිහිටි ඉඩමක තිබූ අනාරක්ෂිත ළිඳක් තුල තිබී සිව් හැවිරිදි දැරියකගේ මළ සිරුරක් ඊයේ (19) දින සොයාගත් බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.

Read More

ජනප්‍රිය ගායිකා යොහානි දිලෝකා ද සිල්වාට කොළඹින් ඉඩම් කොටසක් ලබාදීම සඳහා රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ඇයට ලබාදීමට සූදානම් බවද වාර්තා විය.

Read More

පෙට්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වහාම ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට කටයුතු කරන ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දෙසැම්බර් 10 දා දිනැති ලිපියෙන් දන්වා ඇති බව අදට වාර්තා වෙයි.

Read More

ඹෟෂධ නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර මිලදී ගත් ෆයිසර් එන්නත් 842,400 ක් අද (20) උදෑසන ඩුබායි සිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

පසුගිය උඳුවප් පුර පසළොස්වක පොහෝද (18) බුද්ධම රජ මහා විහාරයේ සිල් සමාදන්වී නිවසට එමින් සිටි පනස්දෙහැවිරිදි සිව්දරු මවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 34 හැවිරිදි දෙදරු පියෙකු ගොවිඳුපුර පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

මෙසේ නත්තල් නිවාඩුවට පෙර රට පුරා ආසාදන වැඩිවීමත් සමග, පළාත් රජයන් විසින් සීමා කිරීම් මාලාවක් නැවත හඳුන්වා දී තිබේ. කැනේඩියානු රජය අඟහරුවාදා වනවිට දේශසීමා නීති දැඩි කරනු ඇති අතර, කෙටි සංචාරයකට පැමිණෙන අය පවා කොවිඩ්-19 පරීක්ෂාවකින් තහවුරු සෘණ ප්‍රතිඵලයක් තහවුරු කළ යුතු වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.