පාතාල කල්ලි සාමාජිකයෙක් වූ 'සමයං' ඝාතනයේ ප්‍රධාන සකකරුවකුවූ කලූපේ කටා රොෂාන් නමැති පාතාල සාමාජිකයා අද (20) හික්කඩුව නලාගස්දෙණිය කන්නන්ගරවත්ත ප්‍රදේශයේදී පිරිසක් විසින් තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කොට ඇතැයි හික්කඩුව පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ මලවැන්න කලූපේ බේරතුඩුව ප්‍රදේශයේ පදිංචි තුයියාදුර රොෂාන් කුමාර ද සිල්වා නොහොත් කටා රොෂාන් නමැති තිස් හැවිරිදි අයෙක් බවද පොලීසිය කියයි.
ඝාතනයවූ තැනැත්තා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ පාතාල නායක මාකදුරේ මදූෂ්ගේ ගෝලයෙකු බවද පොලීසිය කියයි.
මාකදුරේ මදූෂ් මෙහෙයවා කලුතර බන්ධනාගාරයට බන්ධනාගාර බස් රථයෙන් ගෙන එමින් සිටි පාතාල සමයංට වෙඩි තබා ඝාතනය කිරීමේ ඔහු ප්‍රධාන සැකකරුවෙකු වන බවද පොලීසිය කියයි.
හික්කඩුව කලූපේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු කපා කොටා මරණයට තැත් කිරීමේ චෝදනාව ඇතුළු තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහු පොලීසියට අවශ්‍යව සිටි අයෙකු බවත් පොලීසිය කියයි.
තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමට තැත් කෙරුණු තරුණයාගේ පාර්ශවයේ අයගේ වැඩක් දැයි සැකකරන බවද පොලීසිය කියයි.
මත් කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දැනට බලපිටිය අධිකරණයේ විභාගවෙමින් පවතින නඩුවක සැකකරුවකු වන ඝාතනයවූ තැනැත්තා කාන්තාවකට හා පහරදීම් හතරක් සම්බන්ධයෙන් චෝදනා තිබෙන බවද පොලීසිය කියයි.
ඔහුගේ භාර්යාවද මත් කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවද පොලීසිය කියයි. හික්කඩුව පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත
