සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලත් දුරදිග යාමෙන් අනතුරුව වැඩිමහල් සහෝදරයා විසින් සිදු කළ පහරදීමකින් අනතුරුව බාල සහෝදරයා මරණයට පත්වීමේ සිද්ධියක් මාතලේ පල්ලේපොල, පොල්වත්ත ප්රදේශයෙන් අද (20) වාර්තා වෙයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ සැලගම පොල්වත්ත ප්රදේශයේ පදිචි 27 හැවිරිදි එක්දරු පියෙකි.
වැඩිමහල් සහෝදරයාගේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති අතර කාලයක් පුරාවට මොවුන් දෙදෙනා අතර ආරවුල් පැවත ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් ඝාතනය සිදුකල වැඩිමල් සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මරණය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.
- මාතලේ මහේෂ් කිර්තිරත්න
