ගෘහ සේවය සඳහා ඩුබායි යන කාන්තාවන්ට සිදුවන දේ ගැන කාන්තාවකගෙන්ම හෙළිදරව්වක්

සංචාරක වීසා මත ඩුබායි රටේ ගෘහ සේවය සඳහා රැගෙන ගිය කාන්තාවන් දෙසීයකට පමණ අධික පිරිසක් ඩුබායිහි නිවසක කාබර වල සිරවී සිටින බව එම ස්ථානයෙන් මිදී මෙරටට පැමිණි කාන්තාවක විසින් හෙළිදරව් කරයි.
දඹුල්ල සුමංගල පුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් තමන් අත්විඳි සිද්ධීන් පිලබඳව මාධ්‍ය හමුවේ හෙළිදරව් කරමින් මේ බව පැවසීය.
"මම ජීවත් වෙන්න විදිහක් නැතුව දරුවෝ දෙන්න හදාගන්න තමයි රට යන්න තීරණය කළේ පුංචි පැලක ජිවත් වෙන්නේ මම කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතන එකට ගිහිල්ලා පාස්පෝට් සියල්ල බාර දීලා තමයි රට යන්න සූදානම් වුණේ මට මාසයකට සංචාරක වීසා ගහලා දුන්නා ඩුබායි යන්න ඒ අනුව මම ගියා ඩුබායි වල්ට.
අපි ඒ රටට ගිහිල්ලා ඉන්නකොට ගුවන්තොටුපොළෙන් ම මහතෙක් ඇවිල්ලා අපිව අරන් ගියා, අරන් ගියපු තැනට ඇතුල් වෙන කොටම අපේ ජංගම දුරකථන ඔක්කොම ඒ අය ගන්නවා, පුංචි කාමරයක දානවා දාලා කවුරු හරිහරි අපිව ගන්න අවම හිනාවෙලා ඉන්න කියලා කියනවා. ගෙදරින් එන ඇමතුමක්වත් අපට ගන්නවත් අවස්ථාවක් දෙන්නේ නැහැ. කලාතුරකින් අපිට ඇමතුමක් ගන්න ඕනේ කිව්වාම ස්පිකර් දාලා කතා කරන්න ඕන එයාගේ අඩුපාඩු එතන තියෙන සිද්ධීන් කිසිවක් කියන්න තහනම් කරලා තමයි තියෙන්නෙ
එතැන විශාල පිරිසක් කාන්තාවො ඉන්නවා රස්සාවකට යන්න බැරුව. හැමදාම වගේ ඒ රටේ බාබලා එතෙන්ට එනවා ආපුහාම අපි එක් එක්කෙනා එයාලට පෙන්වනවා ගාන කතා කරනවා අපට කියනවා හිනාවෙලා ඒ අයට මූණ දෙන්න කියලා අපි බැරිවෙලාවත් මුහුණ අසතුටෙන් හිටියොත් හොඳටම බනිනවා විනාඩි කිහිපයයි වැසිකිලියකට යන්න දෙන්නෙ සීමිත කාලයක් පරිප්පුයි බතුයි තමයි කන්න දෙන්නෙ බිම තමයි නිදාගන්න තියෙන්නේ අපි හරියට හිරකාරයෝ වගේ පුදුමාකාර දුකක් විඳින්නේ එතන ඉන්න හැමෝම ඒ වගේ තමයි ."
මම හිතන විදියට අපේ රටේ කාන්තාවෝ දෙසිය පනහකට වැඩිය කණ්ඩායමක් මේ අය ළඟ රඳවලා තියෙනවා මම මේ සිද්ධිය දැක්කට පස්සේ විදේශ රැකියාවට ගෘහ සේවය එපා වුණා, මාසෙක සංචාරක වීසා නිකුත් කරලා ඒ රටේ අපිව බාර ගන්න කවුරු හරි බබා කෙනෙක් හිටියොත් තමයි අවුරුදු දෙකක ගෘහ සේවය සඳහා වීසා නිකුත් කරනවා කියලා කියන්නේ
හැබැයි අපට කියන්නේ නිවසක් තියෙනවා ඒ නිවසේ කට්ටිය හොඳයි අහවල් නිවසට තමයි යන්නේ කියලා සියල්ලම දැනුවත් කරනවා සමහර වෙලාවල් වලට ඒ නිවසේ කට්ටියත් එක්ක කියලා කතා කරන්නත් දෙනවා හැබැයි එතෙන්ට ගියාට පස්සෙේ සිද්ද වෙන්නේ වෙනම දෙයක්."
මම අසනීප උනා කන්න බොන්න නැතුව ගොඩක් අමාරු උනා දින දහයක් පමණ ගත වෙද්දී මට අඩුම තරමේ නැගිට ගන්නවත් බැරි තත්ත්වයකට පත් වුණා. මම ලංකාවේ රැකියා ආයතනයට කතා කරලා කිව්වා ගොඩක් අමාරුයි කියලා ඒ වගේම දිගටම බඩගින්නෙ ඉඳලා ලේ වමනෙ යන්න පවා ගත්තා පස්සේ මාව නැවත ගෙන්න ගත්තා,"
එතන හිර වෙලා ඉන්න ගොඩක් අය දුක් විඳිනවා ඩුබායි වලට සංචාරක විසා වලින් ගිහිල්ලා මේ වගේ අපේ කාන්තාවෝ දුක් විඳින නිසා මට කිව්වා බය නැතුව රටට ගිහිල්ලා මේවා හෙළි කරන්න කියලා. මම ඇස් දෙකෙන් දැකපු දේ තමයි රටට හෙළි කරන්න තීරණය කළේ. අපේ රටේ කාන්තාවන්ට සිද්ධවෙන දේ සොයා බලන්න කියලයි ඉල්ලා සිටින්නේ "
- දඹුල්ල කාංචන කුමාර ආරියදාස
popular news
-
dubai api Monday, 20 December 2021 08:52 AM
api inne dubai rakiya ayathana valin genath damana aya bohomayak innava atharaman vela namuth ema ayata uadavu karana aythanayakuth (sahana) thibenava balaporoththuvana tharame vatup mema rate labenne naha karmika injineru pramana samikshaka ayata itha ihala vatup (masakata laksha haye sita miliyana ekahamarak dakva ) pramana samikshaka matada ese labenava namuth api thama duppathma jivitha gatha karanne agama dahamak naha arakku tikak bila rotiyak kala nida gannava mudal horenma bankve damanava gruha sevayata enava nam kelinma nvasiyan sambanda karaganna hithvath aya haraha puluvan mema rate aya oba sithana tharam naraka aya nove
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

