උතුරු නැගෙනහිර ප්‍රදේශවල බොහෝ වගා බිම් පසුගිය දශක තුනකට අධික කාලයක් පැවති යුධමය වාතාවරණය හේතුවෙන් පාලුවට ගොස් මේ වන විට කැලෑ බවට පත් වී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්පත් කරගෙන ඇති බවට උතුරු නැගෙනහිර ජනතාව අවස්ථා කිහිපයක්දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා දැනුවත් කර ඇති බව ධීවර අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසයි.
කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා උතුරු නැගෙනහිර ඉඩම් පිළිබද සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සම්බන්ධ කර ගනිමින් පවත්වා තිබේ.
මෙහිදී අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ උතුරු නැගෙනහිර දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින් වගා කල හැකි ඉඩම් ගොව් ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති හා අගමැති උපදෙස් ලබා දී ඇති අතර ඉදිරියේදී ආර්ථිකයට දායකත්වයක් ලබා දීමට හැකිවන පරිදි වගා කල හැකි සියළු ඉඩම් ජනතාවට ලබා දීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.
රට තුල පවතින ආර්ථික අර්බුධයට පිලියම් ලෙස ගොවිතැන් කල හැකි ඉඩම් කඩිනමින් වගා කරුවන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
