ඉල්ලුම අඩු කරන්න ඉන්ධන මිල වැඩි කරන්න
පෙට්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වහාම ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට කටයුතු කරන ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දෙසැම්බර් 10 දා දිනැති ලිපියෙන් දන්වා ඇති බව අදට වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දි ඇති ආර්ථික අර්බුදය හමුවේ ඛනිජ තෙල් ගෙන්වීමට ඩොලර් භාවිත කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට පත්වෙනු ඇති බව මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මෙම ලිපිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැත. ශ්‍රී ලංකාවේ පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධන ඇතුළු ඉන්ධන ගෙන්විම සඳහා සතියක කාලයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක මුදලක් වැය වයන බවත්, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙය සපයා ගැනීම විශාල අභියෝගයක් බවට පත්වි ඇති බවත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
මේ අතර දැනට ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන සංචිතය ප්‍රමාණවත් වන්නේ දින 10ක කාලයකට බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරි ඉන්ධන අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නිකුත් නොකිරීම හේතුවෙන් ණයවර ලිපි විවෘත කිරීමද අතරමග නැවතී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
දුමින්ද සංජීව බාලසූරිය

popular news
-
Sanath Monday, 20 December 2021 06:08 AM
These jokers have stupid solutions. Without addressing the real issue, they are going round to curtail the usage and create more issues. These fellows
Reply : 0 0
K Ranaweera Monday, 20 December 2021 12:07 PM
This guy is now getting a pension plus a salary and making jokes to the whole nation.
Reply : 0 0
Mahinda Abeysinghe Monday, 20 December 2021 12:29 PM
ඉන්ධන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරානම් හරි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

