අතිශය පූජනීය නගරයක් වන අනුරාධපුර නගරයේ නව බස් නැවතුම්පල අසල බෝගස ආසන්නයේ දැඩි දුර්ගන්දයක් සහිත ප්‍රදේශයක් බවට පත්ව ඇතැයි නගර වැසියන් චෝදනා කරයි.
මෙම බෝ ගස මුලට ඉඳුල් කෑම, ප්ලාස්ටික් බෝතල් මෙන්ම විවිද අපද්‍රව්‍ය ගෙනැවිත් දැමීම හේතුවෙන් මෙන්ම බෝගස ආසන්නයේ වෙසෙන විවිධ පක්ෂීන් මියගොස් වැටීම නිසාත් එම මියගිය පක්ෂීණ් කුණු වීම හේතුවෙන් මෙලෙද එම ප්‍රදේශය අපවිත්‍ර වී ඇතැයි මහජනතාව චෝදනා කරයි.
නගරයේ වෙනත් ස්ථාන වල කැලි කසල එකතු කිරීම නිසි පරිදි ක්‍රියාත්මක වුවත් රාජ්‍ය ආයතන දෙකක සේවකයන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මෙම ප්‍රදේශයේ අපද්‍රව්‍ය ඉවත් නොකරන බව නගර වැසියන් පෙන්වා දෙයි.
මේ වන විට අදාල බස්නැවතුම්පල අසල ප්‍රදේශයේ පවතින දැඩි දුර්ගන්දය හේතුවෙන් එදිනෙදා අවශ්‍යතාවන්ට මෙන්ම සංචාරය සඳහා පැමිණෙන පිරිස්ද දැඩි අපහසුතාවට පත්ව ඇති බවද නගර වැසියන් චෝදනා කරයි.
රාත්‍රී කාලයේ සහ දහවල් මෙම බෝ ගසේ කොක්කු ඇතුළු විවිධ පපක්ෂීන් රාශියක් ලැගුම් ගෙන සිටින බවත්, එම සතුන්ගේ මළ පහ සහ බෝ ගස යට මිය ගොස් සිටින පක්ෂීන් රාශියක් කුණු වී දුර්ගන්ධය හැමීම හේතුවෙන් අනුරාධපුර නව නගරයට සහ නව බස් නැවතුම්පළට පැමිණෙන ජනතාව ඇතුළු තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි නගර වැසියෝ පවසති.



