මෙහෙකාර තරුණිය දූෂණය කළ බ්‍රිගේඩියර්ට ඇප
20 හැවිරිදි තරුණියක් මෙහෙකාර සේවයේ යොදවා ස්ත්‍රී දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් දින හතක් තිස්සේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයා අද (20) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය
සැකකාර බ්‍රිගේඩියර්වරයා රුපියල් 25,000 ක මුදල් ඇප ,රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ( පදිංචිය තහවුරු කිරීමේ සහතික ඉදිරිපත් කළ යුතුය ), විදේශ ගමන් තහනම් ( එම බලපත්‍ර අධිකරණයට භ භාරදීමටත් ) හා සෑම මසකම පළවන ඉරුදින පානදුර දකුණු පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණ අත්සන් කරන ලෙසත් ,ඊට අමතරව විමර්ශන වලට සහාය දෙන ලෙසත් නියෝග කළේය
දූෂණයට ලක්වූ බව කියන එම තරුණිය ඉකුත් 13 වෙනි දින පානදුර දකුණු පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් ඔහුගේ නිවස වෙත අවස්ථා කීපයකදී ගිය ද ඔහු නිවසින් පලාගොස් තිබිණි.
මීට සිව් මසකට පෙරදී බ්‍රිගේඩියර් වරයාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා පැමිණ තිබූ තන්තිරිමලේ තරුණිය ව නිවසේ කාත් කවුරුත් නොමැති අවස්ථාවකදී දූෂණයට ලක්කර අනතුරුව අවස්ථා කිහිපයකදී සැකකාර බ්‍රිගේඩියර්වරයා තරුණියට අතවර කර තිබූ බව ඇයගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය
එලෙස දූෂණයට ලක්ව තිබූ මෙහෙකාර තරුණියට බ්‍රිගේඩියර් වරයාගේ නිවසේදී හදිසියේ අසනීප තත්ත්වයක් ඇතිවී පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දින කීපයකට පසු ඇයගේ දෙමාපියන් පානදුරට ගෙන්වා මෙහෙකාර තරුණිය තන්ත්රිමලේ නිවසට පිටත් කර හැර තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
එම සිද්ධියෙන් අනතුරුව වරින් වර රෝගී බවට පත්ව තිබූ මෙහෙකාර තරුණිය අනුරාධපුර ප්‍රදේශයේ රජයේ රෝහලක ප්‍රතිකාර සඳහා ගිය අවස්ථාවේදී වෛද්‍යවරයා තරුණියගෙන් රෝග නිධානය පිළිබඳ විමසීමේදී බ්‍රිගේඩියර් වරයාගෙන් තමන්ට වූ අතවරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර තිබිණි
ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයා විසින් පානදුර දකුණු පොලිසියට සිදු කළ දැනුම්දීමක් අනුව තන්තිරිමලේ තරුණියව පානදුර පොලිසිය වෙත ගෙන්වා ලබාගත් ප්‍රකාශයකින් ඒ බව වැඩිදුරටත් තහවුරු වූ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
popular news
-
samson de silva Tuesday, 21 December 2021 02:01 AM
Ehenam sansthaawaka sabaapathikama ho amaathyansayaka lekam thanathurak demu. Awashya siyaluma sudusukam sapuraa thiyenawaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

