අවු. 2ක දැරියකට අමානුෂිකව පහරදුන් අඹුසැමි යුවළක් අත්අඩංගුවට
අවුරුදු දෙකක් වයසැති දැරියකට අමානුෂික ලෙස පහරදුන් බව කියන අඹු සැමි යුවලක් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලීසිය කියයි.
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ තේමිස් වත්ත ,පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින 30 හැවිරිදි අනියම් අඹුසැමි යුවලක් බව පොලිසිය කීය.
සැකකාර යුවල අතර නිතර නිතර ආරවුල් පවතින බවත් , ඒ හේතුවෙන් ඔවුන්ට දාව උපන් දැරියට අමානුෂික අන්දමින් පහරදෙන බවට විශේෂ පොලිස් විමර්ශන ඒකකය, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් ලබාදුන් තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පැවසේ.
දැරිය පරික්ෂා කිරීමේදී ඇයගේ ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල කැලැල් දක්නට ලැබුණු බව ද පොලිසිය කියයි. ඒ අනුව දැරිය ඇයගේ ඥාතිවරියක භාරයේ නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි , කාන්තා සහ ළමා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂක මාධවී ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් ප්‍රේමතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

