චීනය අමනාප කරගන්නවාට වඩා හිඟ මුදල් ගෙවන එක ලාභයි - ජොන්ස්ටන්

චීනය වැනි ප්‍රභල රටක් අමනාප කරගන්නවාට වඩා අදාල මුදල ගෙවා දෙරට අතර මිත්‍රත්වය පවත්වා ගැනීම වාසිදායක බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
මහනුවර ඊයේ (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු මේ බව පැවසීය.
අසූචී නැවකට මුදල් ගෙවූ බව පවසමින් විවේචන එල්ල කිරීම පහසු වුවත් ප්‍රභල රටක් අමනාප කර ගැනීම ඊට වඩා අවාසිදායක බව තේරුම් ගතව යුතු යැයි පවසන අමාත්‍යවරයා පෙන්වා දෙනුයේ අවශ්‍යම මොහොතක ඩොලර් බිලියන 1.5ක් පලමුව මෙරටට ලබා දුන්නේ චීනය බවත් චීනය අමනාප කර ගැනීම රටල් ලෙස මෙරටට විශාල පාඩුවක් බවයි.
එමෙන්ම විපක්ෂය ප්‍රාර්ථනා කරන ආකාරයෙන් මේ රට බංකොලොත්වීමට ආණ්ඩුව කිසිදු ඉඩක් නොතබව බව පවසන අමාත්‍යවරයා පසුගිය වසරේදි ණය ගෙවා ගැනීමටද නොහැකි වේ යැයි ඇතැමුන් අපේක්ෂා කලත් අදාල ගෙවීම් ගැටලුවකින් තොරව ද සිදුකල බවයි.
කෝප් කමිටුව මගින් මේ වනවිට හෙළිදරව් කරමින් සිටින්නේ පසුගිය ආණ්ඩුවේ වංචා හා දූශණ බවත් පාර්ලිමේන්තු කල් දමා එම වංචා යටපත් කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදි පැවසීය.
- ෂේන් සෙනෙවිරත්න
popular news
-
Demuni Uduwara Monday, 20 December 2021 05:50 PM
Ashamed !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

