නිවිතිගල පොදු ක්රිඩාංගනයේ ඊයේ (09දා) රාත්රී පැවති සංගිත සංදර්ශනයක් අවසානයේ දි එම ප්රසංගය නැරඹීමට පැමිණි පිරිසක් සංගිත කණඩායමේ වාදන හා ව්ද්යුත් භාණ්ඩ වලට අලාභ හානි කර ඇතැයි ප්රසංගය සංවිධායකයෝ පවසයි.
රාත්රි 11.30 ට පමණ සංගීත ප්රසංගය නිමා කිරිම ගැන කෝපයට පත් පිරිසක් වේදිකාවට පහරදි ඇතැයි පොලිසිය පවසයි. රුපියල් ලක්ෂ 14ක පමණ අලාභයක් සිදු කර ඇතැයි ප්රසංගයේ සංවිධායක පොලිසියට පැමිණිලි කර තිබේ.
ප්රවේශ පත්ර අලෙවිකර පැවති මෙම සංගිත ප්රසංගය නැරඹීමට ව්ශාල පිරිසක් පැමිණි බවත් පිරිසක් සිදු කළ පහරදිමෙන් පසු ක්රිඩා පිටිය වට කර තිබූ ටකරන් සහ යකඩ බට ද රසිකයන් ව්සින් ගලවාගෙන ගොස් ඇතැයි පවසති.
නර්තන කණ්ඩායමේ නැටුම් ශිල්පිණියන්ගේ ඇදුම් බෑග් කිපයක් ද සොරාගෙන ගොස් ඇති බවත් සංගිත කණඩායමේ වාහනයක වීදුරුවකටද හානි සිදු කර තිබේ.
නිවිතිගල පොලිසියේ ස්ඨානාධිපති ප්රධාන පොලිස් පරික්ශක සමන් පාලිත මහතාගේ මෙහයවිමෙන් පරික්ෂණ සිදු කෙරේ.සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.
රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා





