ශ්‍රී ලංකාවට මේ වන විට පවතින විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් බිලියනයක් බවට කථාවක් යන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කලේ ශ්‍රී ලංකවේ රාජ්‍ය ණය හා ණය සේවා පිළිබඳ වාර්තාවක් සෑම මසකම මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.
“ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට තමයි මුදල් බලය ලැබිලා තියෙන්නේ. අපි විටින් විට සමහර තෙරතුරු ඉල්ලා සිටියා ඒවා ලැබිලා නෑ. මම ඉල්ලීමක් කරන්න කැමතියි මුදල් පිළිබඳ කාරක සභාවෙන් හැම මාසෙම පාර්ලිමේන්තුව රැස්වෙන පළමු සතියේදී රාජ්‍ය ණය හා ණය සේවා පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබලා දෙන්න කියලා.
විශේෂයෙන්ම රජයේ විදේශ විනිමය සංචිතය ගැන පැහැදිලිව දෙන්න ඕන. අද දෙන සමහර කරුණු වල චීනය හා ඉන්දියාවෙන් දුන්න ස්ෆොට් එකත්, ඒ වගේම ණයත් ඇතුළු කරලා තියෙනවා. ඒවා වෙනම දෙන්න.මොකද අද ඉතුරුවෙලා තියෙන ගාන ඇත්ත වශයෙන්ම ඩොලර් බිලියනයක් කියලා කථාවක් යනවා”