බීමතින් ත්රීවිල් රථයක් පැදවීමේ චෝදනාවට අධිකරණයේදී වරදකරු වී මාස 06 කට රියදුරු බලපත්රය අවලංගු කර සිටි පුද්ගලයෙක් මාස 06 ඉක්ම යාමට ප්රථම නැවතත් බීමතින් රියදුරු බලපත්රයක් නොමැතිව ත්රීවීල් රථයක් ධාවනය කරමින් සිටියදී මස්කෙළිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්රාත් අධිකරණය හමුවට පැමිණවිමෙන් අනතුරුව වරද පිළිගත් චූදිතට රුපියල් 75,000/- ක දඩ මුදලක් ගෙවන ලෙස විනිසුරු අසංගා හෙට්ටිවත්ත මෙනවිය විසින් නියෝග කළාය.
මෙසේ වරදකරු වූයේ, මස්කෙළිය, බ්රන්ස්වික් තේ වතුයායේ බ්ලූම්ෆීල්ඩ් කොටසේ පදිංචි කාන්තන් රොෂාන් නැමති අයෙකි.දඩ මුදලට අමතරව චූදිතට වසර 10 කට අත්හිටවූ සිර දඬුවම් හා රියදුරු බලපත්රය වසර 10 කට අත්හිටුවීමටද විනිසුරුවරිය විසින් මෙහිදී නියෝග කරන ලදී.
මස්කෙළිය පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් සමීර (35630) මහතා විසින් චූදිත මස්කෙළිය-නල්ලතන්නිය ප්රධාන මාර්ගයේ ග්ලෙන්ටිල්ට් පාළම අසලදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණි.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක