අඩු කාලයකදී වැඩි අස්වැන්නක ලබාගත හැකි මෙන්ම ළපටි පෙනුම දිගටම පවතින, වැඩිවාර ගණනක් අස්වැන්න ලබාගත හැකි බෝංචි ප්‍රභේදයක් සොයාගෙන ඇතැයි කෘෂිකර්ම තොරතුරු හා සන්නිවෙදන මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ දක්වා කාලය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බෝංචි ප්‍රභේද හතක් නිර්දේශ කර තිබෙනබවත්, මේ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සොයාගත් අටවැනි ප්‍රභේදය 'කැකුළු' ලෙස නම්කර තිබෙන බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක, සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම ප්‍රභේදයේ වැල පුරාම මල් හටගන්නා බවත්, මේ නිසා හෙක්ටයාරයකින් ටොන් 23-25 අතර අස්වැන්නක් ලබාගත හැකි බවත් ඔහු පවසා සිටියේය.
කොළපාට ළපටි පෙනුමක් සහිත මෙම කැකුළු බෝංචි ප්‍රභේදයේ දින 40 - 45 කාලය තුළ මල් හටගන්නා බවත්, අවස්ථා අටක් නවයක් අස්වැන්න ලබාගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.