බුත්තල පොලිස් වසමේ පොල්ගහවත්ත මාර්ගයේ දික්යාය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබූ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකරන මත්කුඩු ග්‍රෑම් 8ක් සහ ඉලෙක්ට්‍රොනික් තරාදියක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් ඊයේ (9දා) අත්අඩංගුවට ගනු ලැබීය.
බුත්තල පොල්ගහවත්ත මාර්ගයේ දික්යාය ප්‍රජා ශාලාව අසලදී මෙම වැටලීම සිදුකර තිබේ. එම ස්ථානයේ නතරකර දමා ගොස් තිබූ මෝටර් රථයක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකරන මත්කුඩු ග්‍රෑම් 8ක් මිලිග්‍රෑම් 680ක් සහ ඉලෙක්ට්‍රික් තරාදියක් විශේෂ කාර්යය බළකා නිලධාරින් සොයාගෙන තිබේ. මෝටර් රථයෙන් පැමිණි බව කියන සැකකරු පලා ගොස් ඇති අතර මෝටර් රථයද පොලිස් බාරයට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යය බළකායේ බුත්තල කඳවුරේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.
අනීෂා මානගේ

