දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ප්‍රධාන මාර්ගය දෙපස ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන අර්තාපල් අල සහ ලොකු ලූනු අලෙවිකරණ ක්‍රියාවලිය නිසා මාර්ගයේ ගමන් කරන අනෙකුත් ගොවි ජනතාවට ගමන් කිරීමට නොහැකි දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පෙන්වා දෙති .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගය එළවළු සහ පලතුරළතුරු ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන ගොවීන්ගේ පහසුව සඳහා ඉදී කරන ලද්කි. එහෙත් මේ දිනවල පාකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූනු සහ අර්තාපල් අල අලෙවි කිරීම් මෙම මාර්ගය මැද සහ දෙපස කන්ටේනර් රථ මගින් සිදුකෙරෙන අතර වෙළඳසැල් නොමැති බොහෝ පාකිස්තාන වෙළෙඳුන් මාර්ගයේ දෙපස තම අණසක පතුරවමින් කිසිදු වාහනයකට ගමන් කිරීම්ට නොහැකි වන ආකාරයටයෙන් වෙළඳාම් කටයුතු සිදු කරන බව ජනතාව පෙන්වා දෙති.
මේ පිළිබඳව අවස්ථා ගණනාවක බලධාරීන් මෙන්ම ප්‍රදේශෙයේ දේශපාලන අධිකාරියද දැනුවත් කළ ද එහෙත් කිසිදු වගකිව යුතු අංශයක් නිසි අවධානය යොමු නොවීම නිසා ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන සහ එයින් පිටව යන වාහන වලට ගමන් කිරීමට නොහැකි වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති
විදේශීය රටවලින් ගෙන්වන මෙම අර්තාපල් සහ ලොකු ලූනු අලෙවි කිරීම් සිදු කරනු ලබන්නේ පාකිස්තානයේ සිට මෙරටට පැමිණ රැඳී සිටින ව්‍යාපාරිකයන් පිරිසක් බවත් ඔවුන්ට නගර සභාවකට සහ රජයට ගෙවන බදු මුදලක් විදුලි බිලක් හෝ කිසිදු වියදමකින් තොරව ප්‍රධාන මාර්ගය වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරගෙන ඇති බව ද ඔවුහු පෙන්වා දෙති,
ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගය දිනපතා අළුයම සිට දහවල් වන තුරුම මෙම වෙළඳාම් කටයුතු සිදුවන අතර කන්ටේනර් රථ වල සිට ඇති අල ලූනු මිලදී ගැනීම් සඳහා ලොරි වලින් පැමිණෙන අයට මෙම වෙලදාම සිදුකොට අතරමග සියලු ගනුදෙනු සිදුවන බව වෙළෙඳුන් පෙන්වා දෙති .
මෙම අතරමැදි වෙළඳාමළඳාම සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගෙන් විමසීමේදී කියා සිටියේ පාකිස්ථානයේ සිට පැමිණි වෙළෙන්දන් මෙම වෙළඳාම් සිදු කරනන බවත් ඉදිරියේදී මෙයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.




