saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6327 hours ago

LATEST

ඉන්දීය විදේශ ලේකම් මුදල් ඇමති හමුවෙයි

calendar_today 2021 ඔක් 04 - 18:32 remove_red_eye - 124  

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී තිබේ

පෙට්‍රල් පොම්ප සම්බන්ධයෙන් ජනතාව විදිවල පහරදී ගන්නා ආකාරයද දැකිය හැකි විය. ඇතැම් අය පැරණි ජල බෝතල්වල සහ ප්ලාස්ටික් බෑග්වල පවා ඉන්ධන ගබඩා කළහ.

Read More

පැන්ඩෝරා පේපර්ස් තුළ නම් සඳහන් සියලුම පාකිස්තාන ජාතිකයන් පිළිබඳව විමර්ශනය කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.

Read More

ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Read More

ඊයේ (03) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 43 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

මෙරට මිරිදිය මසුන් හා ශාක පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක සකස් කර අවසන්.

Read More

පසුගිය යහපාලන ආණ්ඩුව මගින් රජයේ මහජන මුදල් වියදම් කර බාගෙට හැදූ ගොඩනැගිලි වල් වැදී ඇති බවත් ඒවා විධිමත් ව ගොඩනඟා ජනතා සුබ සෙතට භාවිතා කළ යුතු බවත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

Read More

අධිකරණ අමාත්‍යාංශයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අද දින) ආරම්භ කරන ලදී. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් අද දින පෙරවරුවේ ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවක් පත් කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා අමාත්‍යතුමාගේ ඩිජිටල් අත්සන තබමින් නිල වශයෙන් ඩිජිටල් අත්සන් භාවිත කිරීමේ වැඩ සටහන ආරම්භ කරන ලදී.

Read More

තරුණ තරුණියන් කොරෝනා එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

Read More

ලොව විශාලතම බහලුම් නෞකාව වන EVER ACE නෞකාව හෙට (05) කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇත

Read More

ප්‍රබල අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මේ දවස්වල එළිවෙනකොට අහන්න ලැබෙන්නේ රටේ කොහේ හරි තැනක ජාතික සම්පතක් හොර රහසේම විකුණා දැමීමේ ප‍්‍රවෘත්ති බවත්, ආණ්ඩුව සහමුලින්ම ක‍්‍රියාත්මක කරන්නේ ජනතාව මරණ මංචකයට දක්කාගෙන යමින් රටපුරා මාෆියාවට ඉඩදීම බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

Read More

විදේශ අමාත්‍යාංශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් ප්‍රකාශයට පත් කළ වහාම ඒ දක්වා පියාසර කරන පළමු වන්දනාකරුවන්ගේ ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවන බව සඳහන් කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය ද්විපාර්ශවික සමුළුවේ දී මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.

Read More

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන දරුවන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද ආරම්භ කෙරුණා.

Read More

දේශපාලනික ස්වාමීන්වහන්සේ නමක් වන පූජනීය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවෝ තෙල් ටැංකි 85ක් ඉන්දියාවට දෙන්න තමයි මේ උත්සහා දරන්නේ කියලා මාධ්‍ය ඉදිරියේ කියනවා. ඉන්දියාවට දෙන්න තෙල් ටැංකි 85ක් අපිට නෑ. තිබෙන තෙල් ටැංකි 100 ම උන්වහන්සේ ගේ ආශිර්වාදය ලබන සමගිජන බලවේග නායකයන් කලින් හිටපු එක්සත් ජාතික පක්ෂය විසින් ඉන්දියාවට ලබා දී හමාරයි.

Read More

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ට ලැබී තිබෙන සීමිත වපසරිය තුල කටයුතු කරමින් සිටින බවත් සංවෘත සේවාවක් කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පොදු එකඟතාවයක් නොමැති අතර මෙම සියල්ල එකඟ වන්නේ නම් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ගුරු සහ විදුහල්පති සේවය සංවෘත සේවාවක් කිරීමට හැකියාව තිබෙන බවත් ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

Read More

බන්ධනාගාරගත රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අද (04) සිට යළි අවසර හිමිව ඇ​ත. සිරකරුවන් සඳහා මාසයකට එක් වරක් අමුත්තන් හමුවීමට අවස්ථාව හිමි වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියි.

Read More

පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන් විසි හතර දෙනාට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දුන්නා.

Read More

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අද (04) දිනයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතව ඇ​ත.

Read More

රට විවෘත කිරීමත් සමග අවදානම ඉහළ යාම හේතුවෙන් නව රැල්ලක් බිහි නොවීම සඳහා සියලු දෙනා වගකීමෙන් ක්‍රියා කරන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා.

Read More

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආර්යාව , එම සංචාරය නිමා කර 10/04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයේ පැවැත්වෙන තරගාවලියකට සහ ඉන් අනතුරුව විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට 10/04 දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

Read More

රටේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි සිල්වා ගායිකාව ඇගයීමට මෙන්ම ගෞරවය පුද කිරීමට රාජ්‍ය සම්මානයක් පිරිනැමීමට කටයුතු කරමින් සිටින බවත් විශය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ක්‍රියාත්මක කරන බවත් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 13,431 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

Read More

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු රක්වාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

කොවිඞ් වසංගතය අවසන් වන තුරු රුපියල් 7500 දීමනාව ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ලබන සිකුරාදා (8දා) එක්දින වැඩවර්ජනයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

Read More

විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ හිතවතුන්ට අයත් සමාජ මාධ්‍ය හරහා කොරෝනා මර්දන එන්නත පිළිබඳ තරුණ තරුණියන් අතර අසත්‍ය පුවත් පතුරුවා හරිමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස අද (04) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

Read More

රට යළි විවෘත කිරිමෙන් පසු රාජ්‍ය සේවකයින් කොටස් වශයෙන් නැවැත සේවයට කැඳවිමේ තිරණයත් සමඟ අද සිට ලංගම බස් වැඩි වශයෙන් ධාවනයට එක් කරන බව ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේය.

Read More

හිටපු හා වත්මන් ලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ, බිලියනපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු ඇතුළත් පැන්ඩෝරා පත්‍රිකා තුළ ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමද ඇතුළත් ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.