පාකිස්ථානයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිදට හා දරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලක්ෂ 25ක් ලබා දී තිබේ.
එරට පෞද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර මහතා අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනයට ලක් කෙරිණි.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන් විසින් රුපියල් ලක්ෂ 25ට අදාළ චෙක්පත් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදී භාර දෙන ලදී.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් එක්වී සිටියහ.
