කෘෂිකර්ම අමාත්‍යවරයා අසමත් බවත් රාජකාරී කිරීමට නොහැකි පුද්ගලයන් ඉවත්ව කළ හැකි අයට භාරදිය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
දෙල්කඳ පොළට පැමිණ ඒළවළු මිලදී ගන්නා අවස්ථාවේදී මාධ්‍ය යොමුකළ ගැටලුවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
Q - බඩු මිලේ තාම අඩුවක් නෑනේ ඇමතිතුමා?
A - බඩු මිල අඩු කරන වෙළඳ ඇමතිලා, ආහාර ඇමතිලා, කෘෂිකර්ම ඇමතිලා දැන ගන්න ඔ්නනේ.
Q - පාලනය කරන්න පුළුවන්ද? මොකක්ද මේ වරද?
A - පාලනය කරන්න වේලපහින් කරන්න සූදානම් වෙන්න එපෑ. පොහොර නැතිකළාම ගොවියන්ට කොහොමද ඵලදාව ගන්නේ. කරන්න බැරි දේවල් කරන්න ගිහින් දැන් රටම අමාරුවේ දාලා තියෙන්නේ. ඒ්කට වග කියන්න ඔ්න තින්දු ගත්ත අය.
Q - ඒ් කියන්නේ කෘෂිකර්ම ඇමතිතුමාට මේක කරන්න බැරිද?
A - කෘෂිකර්ම ඇමතිතුමා ෆේල්නේ.
Q - ඔබතුමාලගේ ආණ්ඩුව
A - අපේ ආණ්ඩුව වුණාට අපි තීන්දු ගන්න තැන්වල නෑනේ. අපි බැංකුවක් උඩ තියලා තියෙන්නේ. අපි රිසර්ව් ඉන්නේ. හි තින්දු ගන්න තිබුණා. දැන් කල් පැනලා. දැන් ඉතින් වෙන අයට තමයි තීන්දු ගන්න වෙන්නේ.
Q කිසිම ආණ්ඩුවක මෙච්ච වැඩිවෙලා නෑ නේද?
A විදේශ ආක්රමණික කාලයකවත් කෘෂිකර්මයට මෙහෙම දෙයක් වෙලා නෑ.
Q ඔබතුමා මොකක්ද කියන්නේ රජයට?
A කරන්න බැරි අය අයින් වෙලා පුළුවන් අයට දෙන්න ඔ්න