දෙසැම්බර් මස අවසන් සතිය එනම් දෙසැම්බර් 25 දා සිට 31 දා තෙක් වූ සතියේදී මාරක රිය අනතුරු 52ක් සිදුව ඇති බවත් එයින් පුද්ගලයන් 53ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
2021 වර්ෂයේ මාරක රිය අනතුරුව 2365ක් සිදුව ඇති බවත් එයින් පුද්ගලයන් 2461ක් මියගොස් ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සංචරන සීමා කාලසිමාවක් පැවැති අවස්ථාවකදී මෙම මාරක රිය අනතුරු ඇති බවත්ව ඔහු පෙන්වා දුන්නේය.
2022 ආරම්භයේ ජනවාරි මස පළමු වැනි දින පුද්ගලයන් 18ක් මාරක රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව තිබුණ බවත් 02 දා මාරක රිය අනතුරු 11න් පුද්ගලයන් 12ක් ජීවිතක්ෂයට පත්ව තිබුණ බවත් ඔහු පැවැසීය.
ඒසේම ඊට පෙර සිදුවූ රිය අනතුරු හේතුවෙන් තුවාල ලබා සිටි පුද්ගලයන් තිදෙනෙක් ඊයේ මිය ගිය බවත් මාධය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඒ් අනුව ගතවූ දින දෙකක කාලය තුළ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 33ක් මිය ගොස් ඇති බවත් දින 9ක් තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 86ක් බවද නිහාල් තල්දූව මහතා පවසයි.