දෙහිවල දුම්රියපල පිටුපස ඇති මුහුදු තීරයේදි කිඹුලෙකුගේ පහරකෑමකට ලක් වී අසාධ්‍ය තත්ත්වයෙන් සිටි කිමිදුම්කරුවෙකු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ රත්මලාන කල්දේමුල්ල සුනාමි ධීවර නිවාසවල පදිංචි කේ.ජයන්ත පීරිස් නැමති 50 හැවිරිදි කිමිදුම්කරුවෙකු බව සඳහන්.
අදාල පුද්ගලයා විසින් අද (03) උදෑසන කිමිදුම්කරුවන් පිරිසක් සමග ගැඹුරු දියේ කිමිඳුම් කටයුතු වල නිරත වී ඇති අතර පිරිස නැවත වෙරළ තීරයට පැමිණෙමින් සිටින අතරවාරයේ ගැඹුරු මුහුදේදී කිඹුලෙකු විසින් මිනිසෙකු කටින් ඩැහැගෙන යන බව දැක අදල සිටි ධීවර පිරිස් වෙත දන්වා ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මක වී අදාල පුද්ගලයාව මුදවාගෙන රෝහල් ගතකර ඇති අතර එහිදි මොහු මියගොස් ඇත.