saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 6310 hours ago

LATEST

සුදු ළූණු වංචාවට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයා 14දක්වා රිමාන්ඩ්

calendar_today 2021 ඔක් 07 - 18:14 remove_red_eye - 157  

ලංකා සතොසේ සිදුවු සුදුළූණු වංචාවට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයා 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව පරිගණක 139 ක් හා ලැප්ටොප් යන්ත්‍ර 74ක් රුපියල් 15,290,000ක ඇස්තමේන්තුගත මුදලකට මිලදී ගැනීමට සැලසුම් කොට තිබුණද, එය ඉක්මවා පරිගණක යන්ත්‍ර මිලදී ගෙන තිබුණි. මේ අනුව පරිගණක යන්ත්‍ර 800ක් හා ලැප්ටොප් යන්ත්‍ර 47ක් රුපියල් 113,303,750ක මුදලකට ප්‍රසම්පාදනය කර තිබුණි. මේ නිසා 2018 වර්ෂයේ පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් 89,977,500ක මුදලක් ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය ගිණුම්

Read More

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය.

Read More

හිඟ විදුලි බිල ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

Read More

“සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අතිරේක මූල්‍යකරණයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමරිකානු ඩොලර් මිලියන 110 ක ණය මුදලක් හා ආසියානු සංවර්ධන බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන දරිද්‍රතාවය අවම කිරීම සඳහා වූ ජපන් අරමුදල මගින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 03 ක මුදලක් ප්‍රදානයක් ලබා ගැනීමට තීරණය කොට තිබේ.

Read More

2022 වර්ෂය සදහා රජයේ ඇස්තමේතුගත රුපියල් බිලියන 2,505ක් (2,505,346,558,000) වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා මුහුදේ දී පසුගිය මැයි මස 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ දී ගිනිගෙන අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වන විට මුහුදු බත් වී ඇති අබලි සුන්බුන් තත්වයට පත්ව ඇති බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතීඥ දර්ශනී ලහන්දපුර මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

එළැඹෙන අවුරුද්දේ පෙබරවාරි 09 වැනිදා පාළාත් පාලන ආයතන වල කාලය අවසන් වන බැවින් පාළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් එමගින් ජන මතය තිබෙන්නේ කොතැනද යන්න බලාගත හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ඕමාන කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට අරාධනය කර සිටියි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුනි.

Read More

කොවිඩ් වසංගතයත් සමග වසර දෙකක දී සියලු අංශයන්හි සිදු වූ පසුබෑම ජයගැනීමට, නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්රුවන්ට කියයි.

Read More

සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

Read More

විශේෂඥ වෛද්‍යවරුන් පහළොස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සහභාගී වෙමින් මවකගේ අක්මාවෙන් කොටසක් ගෙන සිය පුතුට බද්ධ කළ විශේෂ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිදුකර තිබේ ජීවත්ව සිටින පුද්ගලයකුගේ අක්මාවෙන් කොටසක් ගෙන දරුවකුට බද්ධ කළ ප්‍රථම අවස්ථාව ඉතා සාර්ථක වූ බව පේරාදෙණිය ශික්ෂණ රොහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා කියා සිටියේ ය.

Read More

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් තිදෙනෙක් වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිධුරය සඳහා උසස්කර තිබේ. මේ අනුව මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනෙක් සේවයේ යෙදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණියේය.

Read More

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වනේ විශේෂ කැබිනට් රැස්වීමක් අද (07දා) සවස පැවැත්වීමට නියමිතව තිබේ. ගෑස්, කිරිපිටි ඇතුළු භාණ්ඩ මිල සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Read More

එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම නොවැම්බර් 05 වෙනිදා සිට ශ්‍රී ලංකාවට වාණිජ ගුවන් ආරම්භ කිරීමට තීරණය කරයි. ඒ අනුව ආරම්භයක් ලෙස නොවැම්බර් 05 වෙනිදා සිට ප්‍රංශය හා ශ්‍රි ලංකාව අතර සතියකට සෘජු ගුවන් ගමන් වාර 03ක් ක්‍රියාත්මක කිරීමට එම සමාගම එකඟ වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

අ.පො.ස සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ඉන්දන සඟවා හිඟයක් ඇති කර පසුව ඉන්දන මිල ඉහළ දැමීම ඉන්දන මිල පිළිබඳ ආණ්ඩුවේ මිල සූත්‍රය වී තිබෙන බවට සමාජ මාධ්‍යන්හී සඳහන් වන බවත් සාදනීය ලෙස ඛණිජ තෙල් මිල ඉහළ පහළ යෑම තුල ජනතාවට සහන සැලසීමේ මිල සූත්‍රය කුමක්ද යන්න ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

Read More

ප‍්‍රවාහන විෂයභාර ඇමතිනියගේ හා රත්නපුර දිස්ත‍්‍රික්කයේ අනෙකුත් මැති ඇමතිවරුන්ගේ අනුමැතිය ලැබෙන්නේ නම් කැණිවැලි දුම්රිය මාර්ගය කෙටි කාලයක තුල අඩු වියදමකින් ඇහැලියගොඩ දක්වා දීර්ඝ කළ හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඞී. ජයසුන්දර මහතා දැනුම්දුන් බව ජන එකමුතුව සංවිධානයේ ලේකම් ගීත් මානවමිත‍්‍ර මහතා පැවසුවේය.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වලට අනුගතව ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය දෙස් විදෙස් සංචාරකයන්ට අද (07) සිට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.

Read More

අලුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල කප්පාදුවක් සිදුකර තිබේ.

Read More

රැකියාවේ තෘප්තිමත් බව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් බලාපොරොත්තු විය නොහැකි යැයිද, සාකච්ඡා සම්මුති වලින් ඇතිවන එකඟතාවන් මත රැකියාවේ ගැටලු නිරාකරණය කරගනිමින් තෘප්තිමත් සේවාවක් ඉන් ලබා දිය හැකි යැයිද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

2022 මුදල් වර්ෂය සඳහා වන, අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇ​ත .පසුගියදා ඊට කැබිනට් අනුමැතිය ද හිමිවිය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරය ආරම්භ කරමින් පළමු 20යි 20 තරගය අද (7) පැවැත්වීමට නියමිතයි.

Read More

වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිෂ්චන්ද්‍ර සඳහන් කර සිටියි.

Read More

මුව ආවරණ නොමැතිව පැමිණිම හේතුවෙන් ඉන්ධන ලබාදිම ප්‍රතික්ෂේප කිරිම නිසා මිගොඩ පිරවුම්හලක පහර දිමේ සිදු විමක් වාර්තා වුණා.

Read More

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාරදීමට අදාළව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

Read More

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා සිදු කරන අරගලය ඉදිරියටත් ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ (06 දා) පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.