මිල පාලනය කරන හැටි රජය කියයි
භාණ්ඩ සුලභ කර මිල පාලනය කිරිමට රජය සුදානම් බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසිය.
රාජ්‍යඅමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ අද (20) දින තලවකැලේ මැදකුඹුර වතුයායේ වතු කම්කරු පවුල් සදහා රු 80 බැගින් මසකට තිරිගු පිටි කිලෝ 15 ක් ලබාදිමේ නිල උත්සවයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.
“මුළු ලෝකයම මේ අවස්තාවේ මුහුණ දිලා තියෙන තත්ත්වය හමුවේ පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා කියලා අපි පිළිගන්නවා.
පසුගිය කාල සිමාව තුලදි ගැස්, කිරිපිටි, සිනි, හාල්, සිමෙන්ති වල හිගයක් සහ මිල වැඩි විමක් සිදු වුණා.
වර්තමානය වන විට සිනි සහ සහල් වල මිල පාලනය සහ හිගකම නැති වෙලා තියෙනවා.
ගැස් සම්බන්ධයෙන් වුණත් හිගය අඩුයි, එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදිම සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යංශ කමිටුවක් මුදල් අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් පත් කරලා තියෙනවා.
ඇතැම් ව්‍යාපාරිකයන් මේ තුළින් ලාභ ඉපයිම සඳහා හිගයක් මවා පවා මුදල් උපයනවා , පාරිභෝක අධිකාරිය විදිහට අපි විශේෂ වැටලිම සහ විමර්ෂණ සිදු කරලා ඒවා පාලනය කරනවා. භාණ්ඩ සුලභ කරලා මිල පාලනය කිරිමට අපි සුදානම් වෙනවා.”

popular news
-
Kumar Sunday, 20 February 2022 06:04 PM
amerikaweth samaharaday hingabawa kiyanna oney. Annuth milapalayaknaha. samuparaka api nodannawaya. baduhingakamata hethuwa riyaduran hinganisa pravahana apahasukama athinisayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

