(UPDATE) මුළු දිවයිනම කාණ්ඩ කීහිපයකට බෙදා අද (21දා) පස්වරු 4.30 සිට ‘රාත්රී 10.30 දක්වා පැය දෙකක විදුලි කප්පාදුවක් කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. මීට පෙර නිවේදනය කළේ දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි.
කෙසේ වෙතත්ස උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් දහවල් කාලයේ විදුලිය කප්පාදු නොකරන බව එම කොමිෂම පවසයි.
10.43 AM අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි
ප්රමාණවත් පරිදි විදුලි උත්පාදනයක් සිදු නොවීම හේතුවෙන් අද (21දා) විදුලි කප්පාදුවක් සිදුවන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාප වසයි.
ඒ අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවක් සිදුවෙයි. මෙහිදී දිවයින කලාප 9කට විදුලිය කප්පාදුවක් සිදුවෙයි.
මීට අමතරව දකුණු පළාතට පමණක් අද පෙරවරට 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය තුනක විදුලි කප්පාදුවක් සිදුවෙයි. ඒ ජල විදුලිය නිපදවීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුවක් හේතුවෙනි.
ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුව මෙම විදුලි කප්පාදුව සිදුවෙයි.