දරුවන් නව දෙනෙකුගෙන් යුත් මැර පවුලක මැර ක්‍රියා කලාපයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට චෝදනා කරමින් බාදුරාගොඩ වත්තෙමුල්ල ප්‍රදේශවාසීහු අද (20දා) දිවුලපිටිය මීරිගම මාර්ගයේ වත්තෙමුල්ල හන්දිය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුනහ.
අල්කයිඩා පවුල යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම පවුලේ සිව්දෙනෙකු පසුගිය 15දා කුඩා දැරියන් දෙදෙනෙකු කපාකොටා මරා දැමීමට තැත් කර ඇතැයිද එම දරුවන් බේරා ගැනීමට මැදිහත් වූ වයෝවෘද්ධ යුවලක කපා කොටා දමා සතියක පමණ කාලයක් ගත වී ඇතත් මෙතෙක් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බවට බවට ගම්වාසීහු මෙහිදී චෝදනා කළහ.
මෙම උද්ඝෝෂණය නිසා දිවුලපිටිය මීරිගම මාර්ගයේ වාහන ගමනා ගමනයටද වරින්වර බාධා පැමිණියහ. පල්ලවෙල පොලිසියේ නිලධාරින් මැදිහත්ව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගත් අතර කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීහු ස්ථානයට පැමිණීමෙන් පසු ජනතාව ඔවුන්ගේ දුක්ගැනවිලි පොලිසිය වෙත ඉදිරිපත් කළහ.
එහිදී අදහස් දැක්වූ පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඉතාමත් පැහැදිලිව තේරුම් ගෙන ඇතැයි ද ඇතැයිද සැකකරුවන් අල්ලා නීතිය හමුවට පැමිණවීමට සියලු පියවර ගන්නා බවට ජනතාවට සහතිිකවිය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා මෙතෙක් පොලීසියේ ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා පිරිස දැනුවත් කිරීමට ද මෙහිදී පියවර ගත්තේ ය .
අනතුරුව එක් සැකකරුවකු රැඳී සිටි බව කියන නිවසක් පරීක්ෂා කිරික්ෂා කිරීමට ද ප්‍රදේශවාසීන් සමග පොලීසිය කටයුතු කළ හ.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති විරෝධතාවය ඉතා සාමකාමී අන්දමින් පැවතිණි.
මීරිගම කාන්ති


