පින්නවල අලි අනාතාගාරය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානයක් විසින් වසර ගණනාවක් පුරා ලෝකයේ ගෙනගිය වැරදි මතවාදයක් නිසා මෙරට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් මිලියන 200 කට වැඩි ආදායමක් අහිමිවී ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්යක්ෂ ජෙනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.
ඔවුන් විසින් එම සංවිධානවල වාර්ෂික ආදායම් උත්පාදක ක්‍රියාමාර්ග වැඩි කර ගැනීමටත් රාජ්‍ය නොවන සංවිධාන වල ආදායම් තමන් වෙත ලබා ගැනීමටත් මෙලෙස අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් හෙලිවී ඇත.
මේ අනුව පින්නවල අලි අනාතාගාරය අලි සංරක්ෂණ ස්ථානයක් නොවන බවත්, අලි බලහත්කාරයෙන් විවිධ වද හිංසා පමුණුවමින් පවත්වාගන යනු ලබන වදකාගාරයක් බවටත් අන්තර්ජාලය ඔස්සේ විවිධ ප්‍රචාර ගෙන යමින් කටයුතු කරන බවත්, ඒ නිසාම මෙරට සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් ඇතිවී ඇතැයිද ඇය සඳහන් කරයි.
මේ නිසා මේ වනවිට මේ පිළිබඳව රජයේ දැඩි අවධානය යොමුවී ඇති අතර , සත්වෝද්‍යානය තුළ සියලු පහසුකම් සහිත සංරක්ෂණ වැඩ පිළිවෙලක් ඇතිකර ඒ තුලින් එම ආයතනවල වියදම් පියවා ගැනීමට ආදායම් උත්පාදක වැඩ සටහනක් ඇති කර ඇති අතර , රජයේ භාණ්ඩාගාරයෙන් වියදම් ප්‍රතිපූරණයන් සිදු නොකිරීමටත් සියලු කටයුතු සූදානම් කරමින් සිටින බවත් අධ්යක්ෂ ජෙනරාල්වරිය වැඩිදුරටත් කියා සිටී.
දෙහිවල එච් එම් ධර්මපාල