ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමග ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කෙරෙමින් පවතින බව ජනපති මාධ්‍ය අංශය කියයි.
ජනාධිපති අරමුදල, මහජන සම්බන්ධතා ඒකකය ඇතුළු ජනතාවට ඍජුව සේවා සැපයෙන ඒකකයන්හි තනතුරු සඳහා නව නිලධාරීහු පත්කර ඇති බවත් මාධ්‍ය අංශය පවසයි.
නව ජනාධිපති ලේකම්වරයෙකු පත්වීමත් සමග මෙලෙස ගනු ලබන පරිපාලනමය වෙනස්කම් සඳහා පුද්ගල නාමයන් යොදා ගනිමින් වැරදි අර්ථකථනයන් දීමට ඇතැම් සමාජ මාධ්‍යයන් උත්සහ ගෙන ඇති බව දක්නට ලැබෙන අතර ඒවා සාවද්‍ය බවද ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.