රජයේ වාහන අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා යෙදවීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා විසින් රජයේ ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේකයක් යවමින් උපදෙස් දී ඇත.
එමෙන්ම රජයේ වාහන භාවිතා කරන ප්‍රධානීන් කොළඹ පැවැත්වෙන විශේෂ සම්මන්ත්රණ වැඩමුළු සහ සාකච්ඡා සඳහා කැඳවීම සීමා කිරීමටද අමාත්‍යාංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැන්ම් දී ඇති අතර එම වැඩමුළු සහ රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ඉදිරියේදී කටයුකු කරන බවද සඳහන්.
ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා වැයවන වියදම අඩුකර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු සඳහන් කරයි.