saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 6315 hours ago

LATEST

තෙල් ටැංකි ගැන උදය, කබීර් හා කිරිඇල්ල අභියෝග කර ගනිති

calendar_today 2021 ඔක් 06 - 11:57 remove_red_eye - 421  

ත්‍රිකුණාමලය පිහිටි තෙල් ටැංකි සංකිර්ණය ඉන්දියාවට පවරාදීම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ අද (6දා) දිනයේදී අමාත්‍ය උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල හා කබීර් හෂීම් මහතා අතර වාදයක් ඇතිවිය.

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට ලබා දී ඇති බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශයක් කළ බවත් එය අසත්‍ය ප්‍රකාශයක් වන අතර අදාල ප්‍රකාශය නිවැරදි කිරීමට ඔහු කටයුතු කළ යුතු බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ පැන්ඩෝරා පේපර්ස් නමින් හෙළිකළ වත්කම් සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇ​ත.

Read More

විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශය යොමු කරන අය එන්නත් කිරීමේ වැඩසටහනක් යුද හමුදා රෝහල මගින් හෙට ආරම්භ කරන බව යුද හමුදාපතිවරයා පවසනවා.

Read More

මෙම නෞකාව කොළඹ වරායට පැමිණියේ පළමු අවස්ථාවට වන අතර කොළඹ වරායද ඇතුළත්ව එම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේ වරායවල් 24කට පමණි.

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 57,429 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

Read More

සේවා ඉල්ලීම් 08ක් මුල් කරගෙන රජයේ රෝහල්වල සේවය කරන හෙද ,පරිපුරක වෛද්‍ය සේවා ,අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් 20කට පමණ අයත් සෞඛ්‍ය වෘත්තිකයෝ ලබන සිකුරාදා සිය සේවා ස්ථානවලින් ඉවත් වී දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති 44කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි .

Read More

පැන්ඩෝරා පත්‍රිකා මඟින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරවක් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියි.

Read More

අද (06) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 172දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

දරුවන් භාවිතා කරමින් දුම්රිය,බස්රථ,ආදි පොදු ස්ථානවලදි මෙන්ම නගරබද මාර්ග තදබදයන්හි කුඨ ලෙස යාචක ව්‍යාපාරයක නිරතවන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

Read More

පැන්ඩෝරා පේපර්ස් හෙළිදරුව්වෙන් ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියට හා ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් කිරිමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කිසිසේත්ම කටයුතු නොකරන බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර තිබේ.

Read More

කිරිපිටි, ගෑස්, පාන් පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීම සම්බන්ධව කිසිදු තීරණයක් ඊයේ (05 දා) පැවැති කැබිනට් රැස්වීමේදී ගෙන නැත.

Read More

ඔක්තෝබර් අවසානයේදී ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වන වැඩිහිටි ජනගහනයෙන් 70%කට පූර්ණ එන්නත ලබා දීමෙන් පසු දැඩි සීමා ලිහිල් කිරීමට වික්ටෝරියානු බලධාරීන් සැලසුම් කරයි.

Read More

ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා පිළිබඳව කිසිඳු සැකයක් තබා නොගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල සාර්ථකත්වයේ සංකේතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය පෙන්වා දෙයි. එය ලෝකයටම ආදර්ශමත් වැඩපිළිවෙලක් ලෙස පෙන්වා දිය හැකි යැයිද ඒ මහත්මිය පැවසුවාය.

Read More

2019 සැප්තැම්බර් 12 දින සිට එක් රෝගියෙකු තුළ වෛරසයෙන් රයිබොනියුක්ලික් අම්ලය හමුවූ බව සියෙනා විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරයා කියයි.

Read More

වයස අවුරුදු 20ත් 30ත් අතර සියලුම සරසවි සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන් ලබාගැනීමට හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

Read More

ගුරු ගැටලුවලට අද විසඳුම් දෙන්නේ නැත්නම් හෙට දීප ව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

Read More

රුමේනියාවේ ප්‍රධාන විපක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ආරම්භ කරන ලද විශ්වාසභංගයට පාර්ලිමේන්තුවේ සියලු විරුද්ධ පක්ෂවල සහයෝගය ලැබීමෙන් ආණ්ඩුව බිඳ වැටී තිබේ.

Read More

ඉන්දු ශ්‍රී ලංකා ’’මිත්‍ර ශක්ති’’ ඒකාබද්ධ යුද අභ්‍යාසය නිල වශයෙන් ආරම්භ කිරීම අද දින ( ඔක්තෝම්බර් 05) උදෑසන අම්පාර සටන් පුහුණු පාසලේ දී අභ්‍යාසයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ විසින් සිදු කරන ලදී.

Read More

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.

Read More

මෙම සියලු බූස්ටර් මාත්‍රාවන් ඔවුන්ගේ දෙවැනි මාත්‍රාවෙන් අවම වශයෙන් දින 28කට පසුව සිදුවිය යුතු බව යුරෝපීය ඖෂධ නියෝජිතායතනය පවසයි.

Read More

අලුත්ගම මතුගම අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් අනිද්දා පෙරවරු 8 සිට පැය 18ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනයට පාසල්, කාර්යාල, පොදු ස්ථාන හා වෙනත් ගොඩනැගිලි ආදිය විෂබිජහරණය කිරීම විද්‍යාත්මක පදනමක් නැත් ක්‍රියාවක් බවත් දැන් සිදුවන්නේ කාලය හා මුදල් නාස්තියක් බවත් වෛද්‍යවරු පවසති.

Read More

ගැටුම්වලින් හවුති කැරලිකරුවන් 74 දෙනෙකු සහ යේමනයේ හමුදා සෙබළුන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව රජයේ හමුදා ආරංචි මාර්ග පවසයි.

Read More

ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 40 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 04 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 36 දෙනෙකු අයත්.

Read More

2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අනිද්දා (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා සිටියි.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් ආණ්ඩුකාරවරු සමග පසුගිය දිනවල දිගින් දිගටම කළ සාකච්ඡා හා පැමිණි එකඟතා හා අද පැමිණි අවසන් නිගමනය මත සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 - 5 ශ්‍රේණි) 2021 ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා සමග පවසයි. වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ජනාධිපති අවධාරණය කළේය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.