ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඇතුලු දූත පිරිස යාපනයේදී ඊයේ (25දා) උතුරේ දේශපාලන පක්ෂ නායකයින් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.
දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්තන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් සහ දෙමළ ජනතා පක්ෂ නායක සී.වී.විග්නේශ්වරන් යන අයගේ සහභාගීත්වයෙන් ඇමරිකානු තානාපතිනියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව යාපනයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී පැවුත්වුණි.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන් පවසා සිටියේ,
දෙමළ ජනතාව වර්තමානය වන විට මුහුණ දෙන ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡා කල බවටත් එහිදී දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදීමට රජය සමග සාකච්ඡා කිරීමටද සහය වන බවට ඇමරිකානු තානාපතිනිය සහතික වූ බවට පැවසීය.
දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවට පෙර ඇමරිකානු තානාපතිනිය යාපනය නල්ලූර් කෝවිලේ දේව මෙහෙයකටද සහභාගී වූවාය.
ඉන්අනතුරුව යාපනය රදගුරු නිවසේදී යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමා හමුවී ආශිර්වාද ලබාගත් අතර අනතුරුව උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පලාත් ආණ්ඩුකාර් ජීවන් ත්‍යාගරාජා මහතා හමුවී උතුරේ වත්මන් වාතාවරණය සහ ජනතාවට සිදුකරනු ලබන සංවර්ධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක නිරත විය.
