ජිවන වියදම ඉහළ යාම , ඉන්ධන මිල ඉහළ යාම , විදුලි කප්පාදුව සහ ගැස් හිඟයට රජයට විරෝධය පාමින් හැටන් වටවල ප්රදේශයේ වතු ගණනාවක වතු කම්කරුවන් අද (26දා) උද්ඝෝෂණයක නිරත විය.
හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ රොසැල්ල මංසන්ධියට එක්රැස් වු වතු ගණනාවක වතු කම්කරුවන් උද්ඝෝෂණය කරමින් රජයට අවධාරණය කර සිටියේ ජිවන වියදම ඉහළ යාම හමුවේ තමන් දැඩි පිඩාවට පත් වි ඇති බවයි.
දිනකට එක වේලක් හෝ ආහාරයක් ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවත්, එම තත්ත්වය හමුවේ තමන් ඇතුළු දරුවන් කුසගින්නේ සිටින බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ.
තමන්ට රජයෙන් වැඩි කල රු 1000 වැටුප මෙතෙක් නොලැබුණු බවත්, දැනට වතු ආශ්රිතව දෛනිකව ලබාදෙන වැඩ දින ගණන ද අඩු කර ඇති නිසා මාසිකව ලබා ගන්නා සොච්චම් වැටුපෙන් ජිවත්විමට නොහැකි තත්ත්වයක් වත්මන් රජයේ පාලකයින් විසින් ඇති කර ඇති බවයි.
වත්මන් පාලකයින් රට කරවිය හැකි පිරිසකට රටේ පාලන බලය ලබාදිමට පියවර ගත යුතු බවද උද්ඝෝෂණයේ නියැලි වටවල ප්රදේශයේ වතු කම්කරුවන් වැඩිදුරටත් පැවසිය.


