මිල වැඩි නොකළොත් ගෑස් සැපයුම නතර කිරීමට සිදුවන බවත්, ඒ නිසා රජය ගෑස් මිල වැඩිවීම නිවේදනය කරනු ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා අද (26දා) කොළඹ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවවේදී පැවසීය.
ගෑස් මිල වැඩිවීමක් නැතිව ගෑස් සැපයුම කරන්නට නොහැකි බවත් එසේ මිල වැඩිවීමක් නොකළහොත් ගෑස් සමාගමට දිනකට රුපියල් කෝටි 25ක පාඩුවකට මුහුණදීමට සිදුවෙන බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.