චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතියේ ආධිපත්‍යයේ මාවතට අධිෂ්ඨානශීලීව අනුගත වීම සහ එවැනි පද්ධතියක් වර්ධනය කිරීම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ සංකීර්ණය අලුත්වැඩියා කිරීම වෙනුවෙන් චීනය විසින් රුපියල් බිලියන 8 මූල්‍යමය පරිත්‍යාගයක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියයි.
Read MoreLPL තරගාවලියේ පස්වන තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Kandy Warriors කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලකුණු 143 රැස් කිරීමට සමත් විය.
Read Moreඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි ලුමාජැන්ග් හි සපිටුරන්ග් ගම්මානයේ සෙමේරු ගිනිකන්ද පුපුරා යාමෙන් පසු සිදුව ඇති මරණ සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමියන්මාරයේ අවුං සාන් සුකී ඇතුළු පිරිසකට සිර දඬුවම් ලබා දී තිබෙන බවත්, ඒ පිළිබඳ මෙරට ආණ්ඩුව අප්‍රසිද්ධියේ හෝ අවධානය යොමු කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඅයවැය තුළින් රාජ්‍ය සේවකයන්ට වැටුප් ඉහළ දැමීමක් සිදුනොකළහොත් ලබන වසර ආරම්භ වන්නේ, රාජ්‍ය සේවක වර්ජන හා විරෝධතාවලින් බවත්, මෙහි පළමු පියවර ලෙස හෙට (08දා) දින රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් ඉහළ දමන ලෙස ඉල්ලා හා තවත් ගැටලු තුනක් මුල් කර ගනිමින් එක් දින වැඩ වර්ජනයක් හා විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ පූටින් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර රටවල් හතරේ නායකයන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇති බව කියයි.
Read More”ආගමට අපහාස කළ බවට යමෙකුට චෝදනාවක් එල්ල වුණොත් කිසිදු නීතීඥයෙකු හෝ අධිකාරිමය බලයක් සහිත අයෙකු එවැන්නන් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. එතැනදී වෙන්නේ ඒ වින්දිතයාට දඩුවම් ලැබීමයි. මොකද හැම කෙනෙක්ම එවැනි දේවලට ඉදිරිපත් විමට බිය වෙනවා. නීතීඥවරුන් එම පුද්ගලයා වෙනුවෙන් ඉදිරියට එන්නේ නෑ. විනිසුරන් මෙවැනි නඩු විමසීමත් ප්‍රතික්ෂේප කරනවා.”
Read Moreපාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තානයේ මලික් අද්නාන් වෙත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පාකිස්තානයේ ගෞරවය පුද කළේය.
Read Moreපාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමේ උත්සවයක් පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ.
Read Moreප්‍රියන්ත කුමාර මහතා ලැබූ මාසික වැටුප ඔහු පවුලේ උදවිය සඳහා නොනවත්වා ලබාදීමට කටයුතු කරන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත.
Read MoreLPL තරගාවලියේ පස්වන තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙයි.
Read Moreකිලිනොච්චිය ,පරන්තන් , උමයාල්පුරම්හි අබිලි යකඩ එක්ලැස් කරන නිවසකදී මෝටාර් උණ්ඩයක් කොටස් කිරීමේදී පිපිරීමක් සිදුවූ නිවස සහ අවට අද (07) සිදුකළ සෝදිසියකදී පුපුරානොගිය මෝටාර් උණ්ඩ 40 කට ආසන්න ප්‍රමාණයක් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබීය.
Read Moreඑළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය විසින් වාර්ෂිකව පිළියෙළ කරන ලබන විශේෂ නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය පිළියෙල කිරිමේ කටයුතු එම හෝටලයේ සමාන්‍යාධිකාරි රෙෆ්හාන් රෂින් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරින් සහ එම නිලධාරින්ගේ පවුලේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද (07) දින එම හෝටල් පරිශ්‍රයේදි සිදු කළේය.
Read Moreආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 01 දී රැස්විය.
Read MoreLPL තරගාවලියේ හතරවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට Jaffna Kings කණ්ඩායම සමත් විය.
Read Moreගෝලීය කොවිඩ් ව්‍යසනය ශ්‍රී ලංකාව තුළ මර්දනයට රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreකැබිනට් මණ්ඩලයේදී ලබා දෙන ලිපි අත්සන් කිරීමට හෝ පාර්ලිමේන්තුවේදී උත්තර ලබා දීමට පමණක් කැබිනට් ඇමති ධුරය තමන්ට අවශ්‍ය නොවන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පැවසීය.
Read MoreLPL තරගාවලියේ හතරවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Giants කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 110 රැස් කිරීමට සමත් විය.
Read Moreවැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් හා ජංගම දුරකතන හතරක් සොරා ගැනීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි. සැකකරුගේ සී.සී.ටී.වී. ඡායාරූප කිහිපයක්ද පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
Read More2021 වසරේ ලක්ෂයක් ශ්‍රමිකයින් විදේශ ගත කිරීමේ ඉලක්කය, දෙසැම්බර් මස මුල් සතිය වන විටම ඉක්මවා යාමට හැකි වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreරනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා එතුමාට යන්න පුළුවන් ඉවත් වෙලා කියලා. අපි කවුරුත් එතුමාට ඉවත් වෙලා යන්න කියන්නේ නෑ. ඔබතුමාට පේනවනේ දැන් එළියට ගිය අය කවුරුත් නැති නිසා ඔබතුමා තමයි දැන් විපක්ෂ නායක හැටියට ඉන්නේ. විපක්ෂ නායක ඇතුළු සියලු දෙනා සභාවෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ අය ඔබතුමාගෙනුත් ඉවත් වෙලා ගිහිල්ලා.පොඩ්ඩක් උපදෙස් දීලා, පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ අවබෝධයක් ඒ අයට ලබාදෙන්න, කියන එකත් මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියනවා. මොකද ඒක ඉතාම වැදගත්
Read Moreවර්ථමානයේ මෙරට ආර්ථිකය කඩා වැටුනේ කෝවිඩ් වසංගතය හේතුවෙන් මිස ආණ්ඩුවේ කණ්ඩායම සොරකම් කිරීම නිසා නොවන බව වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුලු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
Read MoreLPL තරගාවලියේ හතරවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙයි.
Read Moreපරිසරයට අතීතයේ සිට ආදරය කළ මිනිසුන් සිටින රටක පාරසරික සංරක්ෂණය පිළිබඳ මිනිසුන්ට උපදෙස් ලබා දීමට සිදු වීම ඛේදවාචකයක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreවිදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවදුරටත් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය පවසා සිටියි.
Read Moreපාර්ලිමේන්තු සභා ගර්භය තුල රජය ක්‍රියාත්මක කිරීමට උත්සහ දරණ ම්ලේච්ඡත්වයට , භීෂණයට, මැර දේශපාලනයට මෙන්ම තර්ජනයට වහාම නැවතීමේ ලකුණ තැබීමට කථානායකවරයා කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවූ ගින්නෙන් මෙරට සමුද්‍ර කළාපයට සිදුවූ හානිය හේතුවෙන් මරණයට පත්වූ කැස්බෑවුන් 14 දෙනෙකුගේ හා ඩොලෆින් මත්ස්‍යයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (06) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨ පශු ව්‍යාධි විද්‍යා දෙපාර්තුමේන්තුවේදී හා සත්ත්ව විද්‍යා දෙපාර්තුමේන්තුවේදී ඉතාලියේ පඩෝවා විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
Read Moreපාර්ලිමේන්තුවේ දී කාලය සම්බන්දයේ පසුගිය 03 වැනිදා සිදුවූ සිදුවීම පිළිබඳ කමිටු පත් කිරීමට පෙර කථානායකවරයා ඇසින් දුටු දේ පිළිබඳ වහාම තීන්දුවක් ලබා දිය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
Read Moreකාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර දීමටත්, ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කිරීමටත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.
Read More