2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එම වසරේ අප්‍රේල් 26 දා සයින්දමර්දු හි පුපුරුවා ගැනීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් හෙට (27දා) යළි ගොඩ ගැනීමට නියමිතය.
ඒ සරා නොහොත් පුලස්ති මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීම වෙනුවෙනි. සාරා නොහොත් පුලස්ති මහේන්ද්‍රන් මෙම පුපුරුවා ගැනීමෙන් මිය ගොස් ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට මෙසේ සිරුරු ගොඩ ගැනීමට නියමිතය.