වරාය හා නාවික කැබිනට් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නාවික ක්ෂේත්රයේ සියළුම පාර්ශ්වකරුවන් මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන ඇමෙරිකානු ඩොලර් ආදායම ඉහළ නැංවීම සඳහා කටයුතු යොදා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නැව් සමාගම් විසින් මීට පෙර ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවනු ලැබූ ගාස්තු ඍජුවම එක්සත් ජනපද ඩොලර් මගින් ගෙවීමට අවස්ථාව ලැබෙන අතර එයින් ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 100 ඉක්මවනු ඇත.
මෙම ක්‍රමවේදය එළඹෙන ජුනි මාසයේ පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.