saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6060 hours ago

LATEST

ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක් - ලංකාවට බලපෑමක් නෑ

calendar_today 2021 දෙසැ 14 - 09:49 remove_red_eye - 510  

ඉන්දුනීසියාවට රික්ටර් ඒ්කක 7.4ක ප්‍රභල භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ශ්‍රී ලංකාවට කාබනික පොහොර එවූ චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ඉල්ලූ වන්දිය ගෙවීමට අදාළ යෝජනාවක් ඊයේ පැවැති කැබිනට් රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති වාර්තා වෙයි.

Read More

පෙරේදා (12දා) උදෑසන මෙම අතුරුදවීම සිදුව ඇති අතර මේ පිළිබඳව පැමිණිල්ලක් ඊයේ සිදුකර තිබේ. පොලීසිය, යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය මේ වන විට ප්‍ර දේශවාසීන්ගේ උපකාර ඇතිව අතුරුදන්වූ කාන්තාවන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.

Read More

රුපියල් මිලියන 50 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ රජයේ විගණන දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් ඒකකයට මුද්‍රා මූද්‍රා තබා තිබේ .

Read More

කොවිඩ් 19 එන්නත්කරණය යටතේ ඊයේ (13දා) ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 127697ක් වෙත බූස්ටර් මාත්‍රාව හෙවත් තෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.

Read More

මෙම රැස්වීම ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කරන්නක් වන අතර, පැටලී ඇති ජාත්‍යන්තර තත්ත්වය ස්ථාවර කිරීම සඳහා චීනය සහ රුසියාව අතර උපායමාර්ගික සම්බන්ධීකරණය සහ පුළුල් සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරයි.

Read More

පසුගිය දිනවල සිදු වූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා හා විදුලිබල මණ්ඩලයේ දියුණුවට අදාළව තීන්දු තීරණ ගන්නා ලෙස ඉල්ලා හෙට (14දා) විදුලිබල මණ්ඩල සේවකයන්ගෙන් කොටසක් අසනීප නිවාඩු වාර්තා කර විරෝධතා ව්‍යපාරයක් පැවත්වීමට තීරණය කර තිබේ.

Read More

2021 වසරේ ආරම්භයේ සිට නොවැම්බර් මාසයේ අවසානය දක්වා කාලය තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 25,910ක් හා මරණ 19ක් වාර්තා වී තිබේ. ඉතා අවදානම් මට්ටමකට ළඟා වී ඇති ඩෙංගු ව්‍යාප්තිය මෝසම් වැසි කාලයේදී තවදුරටත් උත්සන්න වීමේ ප්‍රවණතාවක්ද ඇති බව වාර්තා වේ.

Read More

නැගෙනහිර සිරියාවේ ඩීර් අල්-සූර් පළාතේ එක්සත් ජනපද හමුදා විසින් එකම පවුලේ සිවිල් වැසියන් තිදෙනෙකු මරා දැමූ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

Read More

මෙරට තුළ මේ දක්වා කෝවිඩ් හේතුවෙන් ගර්භිණී මවුවරුන් 60 දෙනෙකු සහ වයස අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් යථාපරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනා අහෝසි වන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුය. තවද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාව හා විශේෂ කාරක සභා (තේරීම් කාරක සභා) හැර අනෙකුත් සියලු කාරක සභා නව සැසිවාරයේදී නැවත පත්කළ යුතුය.

Read More

හුවාවේ බංග්ලාදේශ් සමාගම විසින්, 5G ජාල යෙදවීම සඳහා බංග්ලාදේශයේ ටෙලිටෝක් වෙත යටිතල පහසුකම් සහ තාක්ෂණික සහාය ලබාදී ඇත.

Read More

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ පළමු මරණය එක්සත් රාජධානියෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

පකිස්ථානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 18 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පකිස්ථාන ත්‍රස්ත මර්දන අධිකරණයක් අද (13) නියෝග කර තිබේ.

Read More

ඇමෙරිකාවේ ටෙක්සාස් හි හූස්ටන් අසල උප නාගරික නගරයක් වන බේටවුන් හිදී රථයක් ධාවනය කරවමින්ම සැකකරුවෙකු විසින් සිදුකළ සමූහ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස්, තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

‘2022 වසරට එනකොට රජය කල්පනා කරලා තිබෙනවා, විශාල දුෂ්කරතා මධ්‍යයේ උවත් අපි පුළුවන් තරම් ජනතාවගේ පැත්තෙන් කල්පනා කරලා ජනතාවට යම්කිසි සහනයක් දෙන්නට ඕනේ කියලා. හැම කෙනෙකුටම සහන දෙන්න බැරි උනත් විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන අමාරුවෙන් නැගිටින්න උත්සාහ කරන උත්සාහවන්ත අයට අපි උදව් කරන්න

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉන්දියාව විසින් උපකාරක පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකෙනොමික්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

41 හැවිරිදි පෙට්කොව් මන්ත්‍රීවරුන් 240 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 134කින් ජයග්‍රහණය කළේය.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

Read More

අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම ගිලන්රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා සිටියි.

Read More

හෙද සභාවේ නිලවරණයෙන් තම කණ්ඩායමට විශිෂ්ට ජයක් අත් වී තිබෙන බවත්, රෝහල් සේවා හෙද නිලධාරීන් නියෝජනය කරමින් තම කණ්ඩායමෙන් නියෝජිතයන් 04දෙනෙකු පත් වී සිටින බවත් සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

Read More

“රජයක් කියලා තිබ්බට පාර්ලිමේන්තුවේ අපි දකින්නේ ඒ ගොල්ලෝ රණ්ඩු වෙනවා විතරයි. ජනතාවගේ ප්‍රශ්න ගැන කිසිම විදියකට බලන්නෙ නෑ. අද වෙනකම් මේ සිද්ධිය පිළිබඳව කිසිම කෙනෙක් අඩුම ගානේ කනගාටු වත් ප්‍රකාශ කරලා නෑ. මගේ දරුවෝ හතර දෙනත් එක්ක මම ගොඩක් අසරණ වුණා“

Read More

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව රජය එක් වරක් නොව සිය වරක් පමණ දැනුවත් කොට තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඉතා තදින් කථා කොට තිබෙන බවයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි .

Read More

අතුරුදන්ව ඇති දරුවන් දෙදෙනෙක් සොය ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ උදව් ඉල්ලා සිටියි. පසුගිය 23 දා සිට කොටදෙණියාවේ පදිංචිව සිටි දරුවන් දෙදෙනෙක් මෙසේ අතුරුදන්ව තිබේ. ඔවුන්ගේ විස්තර හා ඡායාරූප පහතින් දැක්වෙයි.

Read More

මන්නාරම කොන්තෙයිපිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී බොට්ටු සවාරියක් ගොස් මුහුදට වැටී අතුරුදහන් වූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුර අද (13) දින හමුවූ බවට මන්නරම් පොලීසිය පවසයි.

Read More

පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවැරීමට රජයේ ඇතැම් ඇමතිවරු උත්සාමහ කරන්නේ එහි සැබෑ වරදකරුවන් සගවා තැබීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩබ්ලව්. ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (13දා) පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

අවුරුදු 12 -15 ත් අතර සියලු දරුවන් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 12/13 දින අලුයම පෞද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .

Read More

දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මාසක් ඇතුළත නොලැබුන හොත් කර්මාන්ත ශාලා වැසීමට සිදු වන බව දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව පවසා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.