saravita-anim2

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 88 hours ago

LATEST

සෑම රෝහලකම මාසයකට වරක්වත් ඖෂධ සමාලෝචන රුස්වීම් පවත්වන්න

calendar_today 2026 පෙබ 11 - 15:12 remove_red_eye - 87  

සෑම රෝහලකම මාසයකට වරක්වත් ඖෂධ සමාලෝචන රුස්වීම් පැවැත්විය යුතු බවත්, එමගින් ප්‍රධාන ‌‌ඖෂධවේදියාට රෝහලේ පවතින ඖෂධ පිළිබඳ සියලු විස්තර ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙනවා සේම රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුලු පාලන අධිකාරිය සමග සම්බන්ධ වී ඖෂධවල යම් හිඟතාවයක් ඇතිවීමට කළින් එය හදුනා ගෙන ඊට නිසි පිළියම් යෙදීමට මෙ

පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 12 දෙනෙකු ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ මරණ දඬුවම නියම කළේය.මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.

Read More

රුහුණු කතරග කතරගම මහා දේවාලයට අයත් සාලිය හස්තිරාජයාගේ බැමි ලිහීමේ චාරිත්‍රය පසුගියදා සිදුකෙරිණි.මාස කිහිපයක් මඳ කීපීම හේතුවෙන් බැඳ දමා සිටි සාලිය හස්තියා යදම් වලින් මුදවා නහවා,කිරි උතුරවා,කැවුම් කිරි බත් දීසෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බැමි ලිහීමේ චාරිත්‍රය සිදු කරන ලදි.අලි ඇතුන්ගේ කම්මුල් තෙමීම මද කීපීම ලෙස හැඳින්වේ.

Read More

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු හා එම කාර්යාලයේ සේවය කරන ගුරු උපදේශකවරයෙකු ඊයේ (10) සවස පිරිවෙන් ගුරුවරයෙකුට ස්ථාන මාරුවීමක් ලබා දීම සදහා රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ මර්ධන විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි දෙහිඅත්තකණ්ඩිය පොලීසිය පවසයි.

Read More

විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් රුපියල් එක් කෝටි අසූ ලක්ෂයකට අධික මුදලක් වංචාකළ අඹු සැමි යුවළක් සීදූව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අලුත් වැටුප් වැඩි වීමත් සමගවතු කම්කරුවෙකුට මාසිකව රු.10000ක පමණ වැටුප් වැඩි වීමක් සහ ඊට සමාන සුභ සාධන කටයුතු ලැබෙන බව හැටන් වතු සමාගමේ වැලිඔය වත්තේ වතු අධිකාරි අර්ජුන මැදගෙදර මහතා පැවසීය. අර්ජුන මැදගෙදර මහතා ඒ බැව් කියා සිටියේ වතු කම්කරුවන්ට නව වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිනි.මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අර්ජුන මැදගෙදර මහතා මෙසේ පැවසීය.

Read More

හෙට (12) දින සිට පවතින වියළි කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයේදි අම්පාර, මඩකලපුව, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිහන් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අත් අඩංගුවට - කළුතර දිසා අපරාධ කොට්ඨාසය.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ඉන්දියා සහ පාකිස්ථාන කණ්ඩායම්වල සහභාගීත්වයන් සම්බන්ධව රජය පසුගිය කාලසීමාව තුළ මැදිහත්වූ බවත් තරගාවලියට සහභාගී වන සියලු කණ්ඩායම්වලට ස්තුතිවන්ත වන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Read More

නියමු ව්‍යාපෘතියක් ලෙස විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් නව බස් රථ 10ක් සේවයේ යෙදවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙ. මෙම බස් රථ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය යටතේ ඇති ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිස්ට් (පුද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිතය. මෙම නව බස් රථ 10 ලබන මස 15 දා වන විට ලංකාවට ලැබීමට නියමිතය.

Read More

ග්‍රාහක සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරිමට හා 2019/08/02ට පෙර ලියාපදිංචි කර ඇති සිම් කාඩ්පත් වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙහිදි විශේෂයෙන් අවුරුදු 16-17 අතර ග්‍රාහකයින් මෙන්ම මෙරට පැමිණෙන විදේශිකයන්ට සිම්කාඩ් පත් නිකුත් කිරීමට අදාල විධිවිධාන සංශෝධනය කිරීමට නියමිතය.

Read More

සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති නිකුත් කළ ලිපිය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. මෙම ලිපියට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් අද දිනයේදි විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන්පෙනී සිටි රජයේ නීතිඥවරිය පැවැසීය.

Read More

ඇති වූ ගින්නෙන් කර්මාන්ත ශාලාව විනාශ වී ඇති වැඩිදුරටත් වාර්ථාවෙයි.

Read More

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උතුම් සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා සඳහන් කරයි.

Read More

’’හෙක්ටයාර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් වගාබිම් හානියට පත්වුණා. හෙක්ටයාර 25000කට වැඩි ප්‍රමාණයක් නැවත වගාකළ නොහැකි ලෙස විනාශයට පත් වෙලා තිබුණා. අපේ රට තුන්වේල බත් කන ජනතාවක් ජීවත් වෙන රටක්. විශේෂයෙන් ලංකාවේ ප්‍රධාන ආහාර වේල වෙන්නෙත් බත්. සහල් නිෂ්පාදනය වගේම පරිභෝජනය අතිනුත් සමානකම් තියෙන මියන්මාර රජයෙන් දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් අපේ රටේ ජනතාවට සහන සැලසීමට මූල්‍යමය ආධාර ලබාදීමට අමතරව ඔවුන් තම නිෂ්පාදනයන්ගෙන් සහල් ප්‍රමාණයක් අපේ රටට පරිත්‍යාග කළ

Read More

පාර්ලිමේන්තුව පෙබරවාරි 17වනදා සිට 20 වනදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාව යටතේ, විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ ඇතිවීමට නියමිත පුරප්පාඩු පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගෙන් අයදුම්පත්‍ර කැඳවනු ලැබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

ධිවර වරායන් වැඩිදියුණු කිරිම යටතේ මේ වනවිට දකුණු වෙරළ තිරය තුල පිහිටි දොඩන්දුව, හික්කඩුව, අම්බලන්ගොඩ, යන ධිවර වරායන් සංවර්ධනය කිරිමට සැලසුම් සකස්කොට ඇති බැව් ධිවර,ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය පවසයි.

Read More

පාර්ලිමේන්තුව පෙබරවාරි 17 වන අඟහරුවාදා සිට 20 වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 2026.02.06 වන දින කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

Read More

බගවන්තලාව කොටියාගල වතුයායේදි මන්දකට හසුවිමෙන් කදුකර කොටියකු මිය ගොස් ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ එම වතුයායේ ඉහල කොටස ප්‍රදේශයේදි මෙසේ මන්දකට හසුවිමෙන් කදුකර කොටියකු මිය ගොස් ඇති බවට 10වන දින පෙරවරු 8.45ට පමන එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් දැක ඒ පිලිබදව වතු අධිකාරිවරයා දැනුවත් කිරිමෙන් පසුව ඔහු විසින් පොලිසිය දැනුවත් කල බවත්ය.

Read More

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් එහි රියදුරු ලෙස කටයුුතු කළ අවුරුදු 17ක් තරුණයෙක් මියගොස් තිබේ. අද අලුයම් කාලයේදී කයිට්ස් පොලිස් වසමේදී මෙම සිදුවීම සිදුව තිබේ. වෑන් රථයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි‌යේ ඉන්දියාවට ඒරෙහි තරගයට ක්‍රීඩා කරන බව පාකිස්තානය නිවේදනය කරයි. මෙම තරගයට ක්‍රීඩා කිරීම පාකිස්ථානය විසින් ප්‍රතික්ෂේප කළ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එම තරගයට පැමිණෙන බව ඉන්දියාව තහවුරු කර තිබුණි. ලෝක කුසලාන තරගාවලිය යටතේ පවතින වඩාත් වැදගත්ම වාණිජ වටිනාකමක් සහිත මෙම තරගය පෙබරවාරි 15 ​​වන දින කොළඹදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ICC සාමාජිකයින් ගණනාවක් අනෙකුත් ජාතීන්ට මූල

Read More

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලෙස රුපියල් ලක්ෂ 32,000 කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමානය අතර පැවැති තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා කිරිමට සිම්බාබ්වේ කණ්ඩයම සමත්විය.

Read More

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

මුඛ පිළිකාව ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලම පිළිකාව වේ. බුලත්විට, දුම්කොළ සහ පුවක් හැපීම මුඛ පිළිකා ඇතිවීමට ප්‍රධානම හේතුවක් බවත්, දිනකට මුඛ පිළිකා රෝගීන් දසදෙනෙකු හදුනා ගැනෙන බවත්, දිනකට මුඛ පිළිකා රෝගීන් තිදෙනෙකුට ජීවිත අහිමිවන බවත් ජාතික පිලිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි. කලින් හදුනා ගැනීමෙන් මුඛ පිළිකාව සුවකළ හැක. කල් පවතින සුදුලප, කල්පවතින රතුලප, කල්පවතින සුදු හා රතු ලප, මුඛයේ දැවිල්ල, ශ්ලේෂ්මල පටල තුනී වීම හා ඝන වීම පූර්ව මුඛ පිළිකා ලක්ෂණ බ

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ස්කොට්ලන්තය හා එංගලන්තය අතර පැවැති තරගයෙන් ලකුණු 73ක ජයක් වාර්තා කිරිමට ස්කොට්ලන්තය සමත්විය.

Read More

ආණ්ඩුවේ ඡන්ද පදනම සියයට 25ක මට්ටමට අඩුවී ඇති බවත් හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසිය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන්වලදී ශ්‍රි ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග ඊයේ වාර්තා අතරට ඒක්විය. ඒ ඒම තරගයේදී ඔහු ලබාගත් කඩුලු තුනද සමගින් විස්සයි20 ලෝක කුසලාන තරගවලදී ලබාගත් කඩුලු සංඛ්‍යාව 40ක් වීම හේතුවෙනි. හසරංග බි ඳ හෙළනු ලැබුවේ ලසිත් මාලිංග කඩුලු 38ක් දවා ගනිමින් තිබූ වාර්තාවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.