හැටන් අනවසර වෙළඳසැල් දින තුනකින් ඉවත් කරන්න නියෝග
හැටන් නගරයේ පවත්වාගෙන යනු ලබන අනවසර වෙළද සැල් හා පදික වෙළදාම් දින තුනක් තුලදි ඉවත් කර ගන්නා ලෙසට හැටන් දික්ඔය නගර සභාව විසින් ශබ්ද විකාශන යන්ත්ර උපයෝගි කර ගෙන අදාල පාර්සව වෙත දැනුම් දිමට පියවර ගෙන ඇත.
හැටන් නගරය තුල පවතින දැඩි රථ වාහන තද බදය අවම කිරිමේ අරමුණ පදික වේදිකා අවහිර වන ලෙස පදික වෙලදාම් කරන පුද්ගලයන්ට හා අනවසර වෙලද කුටි ඉදි කිරිම් සිදු කර ඇති වෙලදුන්ට දින තුනක කාලයක් තුලදි එම ඉදිකිරිම් සියල්ල ඉවත් කර ගන්නා ලෙසට හැටන් දික්ඔය නගර සභාව විසින් මෙසේ දැනුම් දිමට පියවර ගෙන ඇත.
ඒ අනුව හැටන් ප්රධාන විදිය, හැටන් පැති විදිය, ශක්ති ශාලාව අසල ප්රදේශය, මහජන වෙලද පල භුමිය ඇතුළු ප්රදේශවල අනවසර පදික වෙලදාම් හා අනවසර වෙලද කුටි ඉවත් කර ගන්නා ලෙසට හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ උපදෙස් මත හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් විසින් ශබ්ද විකාශණ යන්ත්ර උපයෝගි කර ගෙන නගරයේ වෙලදුන් හා ජනතාව දැනුවත් කිරිමට පියවර ගෙන ඇත.
චන්ද්ර සෙල්ලහේවා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
