saravita-anim2

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 110 hours ago

LATEST

ඉදිරි කන්නයට වී මිලදී ගැනීමට රජය සූදානමින්

calendar_today 2026 පෙබ 06 - 14:05 remove_red_eye - 75  

රජය මගින් ඉදිරි කන්නයේ වී මිලදී ගැනීම් සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පවසයි.

සෙසු ප්‍රදේශ වල ප. ව 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව වැඩිදුරටත් සඳහන් වෙයි.

Read More

78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් යුධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරින් හා නිලධාරින් 9158ට උසස්විම් ලබාදුන් බව යුද හමුදාව නිවේදනය කරයි. පෙබරවාරි 04 දා දින සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්විම් ලබාදී තිබේ.

Read More

මෙම සංශෝධන පනත මගින් පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආශ්‍රිත මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් (I වන ශ්‍රේණිය) අතුරෙන් පීඨාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා පීඨ මණ්ඩලයට හැකියාව ලබාදීම, පීඨාධිපතිවරයකුගේ ධූර කාලය සම්පූර්ණ වීමට පෙරාතුව පිඨාධිපතිවරයකු ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාලක සභාවට හැකියාව ලබාදීම සහ පීඨාධිපතිවරයෙකුගේ ධුර කාලය සම්බන්ධයෙන් සීමා හඳුන්වාදීම අරමුණු කර ඇත.

Read More

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

Read More

දකුණු පළාත් සභාවට අයත් පාසල්වල ගුරුවරුන්ගේ පුරප්පාඩු 2834ක් පවතින බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.කේ.ආර්.පතිරණ මහතා පවසයි. මෙකි ගුරු පුරප්පාඩු වලින් 1417 දෙනෙකු මෙම වර්ෂය තුල බදවා ගැනිමට කටයුතු කරණ බවද හෙතෙම පවසයි.අන්තර් පළාත් මාරුවිම්, විශ්‍රමගොස් ඇති ගුරුවරුන්ගේ මෙන්ම විෂයයන් අනුව පුරප්පාඩුවි ඇති ගුරුවරුන්ගේ තොරතුරු මේ දිනවල කළාප අධ්‍යක්ෂකවරුන් මගින් ලබා ගනිමින් පවතින බවද පළාත් අධ්‍යාපන ලේකම් වරයා පවසයි.

Read More

කාර් රථයක් යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු හා පසුපැදිකරු ජීවිතක්ෂයට - අක්මීමන පොලිස් වසම.

Read More

මේ අතර හෙට දිනයේදි (02/06) ඊශ්‍රායලයේ තවත්‍ රැකියා අවස්තා කිහිපයක් සදහා මාර්ගගතව අයදුම්කිරීමට අවස්ථා සදහා වෙබ් අඩවිය විවෘත කරන බව ද කාර්‍යංශය සදහන් කරයි. කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk ඔස්සේ ඊට අයදුම් කල හැක. ඒ අනුව ඉදිකිරිම් ක්ෂේත්‍රෙය් කම්බි නැමිම, කපරාරු, ෂටරින් වඩු කාර්මික, සෙරමික් ටයිල් වැඩ මෙන්ම, ප්‍රතසංස්කරණ ක්ෂේත්‍රෙය් පොදු වැඩ, සදහා අයදුම් කිරිමට වෙබ් අඩවිය විවෘත වේ.

Read More

මොනරාගල අධ්‍යාපන කලාපයේ බඩල්කුඹුර කොට්ඨාසයේ වෙහෙරබැඳිතැන්න කනිෂ්ඨ විද්‍යාලේ ඉගෙනුම ලබන පාසල් ළමුන් දෙදෙනාට ගුරුවරුන් දෙදෙනෙක් සහ සංවර්ධන නිලධාරීන් හතර දෙනෙකු සේවයේ නිරතව සිටී.

Read More

විදුලි ඒකකයක් සඳහා යන වියදමේ සාමාන්‍යය රුපියල් 37 සිට රුපියල් 29 දක්වා අඩු කර ඇති බවත්ති රජය පොරොන්දු වූ පරිදි වසර තුලකදී විදුලි බිල සියයට 30කින් අඩු කරන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම පිළිබඳ විවාදයක් ඉන්දියාවේ ආරම්භ වී ඇති අතර,ප්‍රාන්ත කිහිපයක අමාත්‍යවරුන් පවසන්නේ ඕස්ට්‍රේලියාවේ මෑතකදී ක්‍රියාත්මක වූ නීතිය අධ්‍යයනය කරන බවයි.

Read More

’’අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ.ලෝකයේ කාටවත් පරාජය කරන්න බෑ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කළේ.අපේ රටේ නිදහස් දිනයේ රටේ රාජ්‍ය නායකයාට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නෑ. ආණ්ඩුවට රාජ්‍ය නායකයට ඒක පිළිගන්න හයියක් නෑ ආත්ම ශක්තියක් නෑ’’

Read More

ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හෙරොයින් සඟවා සිටි නියාමකවරයෙකු අද (5) බන්ධනාගාර අධිකාරිවරයාගේ බාරයට ගෙන ඇත.

Read More

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්ථා වනවා.

Read More

රටේ මත්පැන් භාවිත කරන පිරිසෙන් වැඩි පිරිසක් භාවිත කරන මත්පැන් වර්ගයේ මිල අඩු කරන ලෙස රජයෙන් ඉල්ලන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

Read More

නව විගණාකාධිපති ලෙස තෙරි පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (05දා) එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ.

Read More

චීන-ඇමරිකානු සබඳතාවලදී ’’වැදගත්ම ගැටලුව’’ ලෙස තායිවානය හැඳින්විය හැකි බව චීන ජනපති ෂී ජින්පින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා පැවැති දුරකතන සංවාදයකදී පවසා තිබේ. මෙම දුරකතන සංවාදය බදාදා පවත්වා තිබේ.

Read More

කටාන පොලිස් වසමේ මීගමුව මීරිගම මාර්ගයේ කඳවල ප්‍රදේශයේදී ඊයේ සවස මීගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරු පැදිකරු, පසුපැදිකරු සහ පදිකයා තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු සහ පදිකයා මියගොස් ඇත. මියගිය පැදිකරු අවුරුදු 19 ක් සහ පදිකයා අවුරුදු 46 ක් වූ තිබිරිගස්කටුව, කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මෘත ශරීර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කටාන පොලිසිය වැඩිදුර වි

Read More

අවිස්සාවේල්ල පොලිස් වසමේ පුවක්පිටිය ප්‍රදේශයේ පිහිණුම් තටාකයක ගිලී ඊයේ (04දා) පුද්ගලයෙකු මියගොස් ඇති බවට අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 52 ක් වූ මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කොරියානු පොප් සංගීත ප්‍රසංගයක් ( Korean Pop Music ) පැවැත්වීම සදහා දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය ’’ Sweet - ch ’’ සංගීත කණ්ඩායම 02/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ .

Read More

මෙම සර්වඥ ධාතූන් වහන්සේලා 1960 දශකයේ දී ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ , ඓතිහාසික ’’ දෙව්නි මෝරි ’’ කැනීම් භූමියෙන් සොයා ගෙන ඇති අතර , ඒවා මෙතෙක් ඉන්දියාවෙන් පිටතට රැගෙන ගොස් නොතිබුණි .

Read More

අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ කරන ලද ප්‍රකාශනය ඇතුළත් යෝජනා සම්මතය පෙබරවාරි 6 වැනි සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාවේ අග්‍රගණ්‍ය ආයතනය වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට (NIMH) වසර 100 ක් සපිරීම නිමිත්තෙන් වු සැමරුමි උත්සවයක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (03) හීදී පැවැත්විණි.

Read More

රජීව් අමරසූරිය මහතා 2026/2027 සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට තවත් වාරයක් සඳහා නිතරගයෙන් තේරී පත් වී ඇති අතර 2026 මාර්තු 28 වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වන උපාධි ප්‍රදානෝත්සවයේදී විධිමත් ලෙස එම ධුරයට පත්වෙනු ඇත.

Read More

ඌව පළාතේ ජේෂ්ඨතම මාධ්‍යවේදියා වන දෙමෝදර ආර්.එම් සෝමරත්න (84) මහතා (04) වෙනිදා අභාවප්‍රාප්ත විය.1943/04/13 වෙනි දින උපත ලැබූ හෙතෙම 1963 වර්ෂයේදී ශිෂ්‍ය ගුරුවරයෙකු ලෙස ගුරු වෘත්තියට එක්වී පසු කාලීනව දම්බරාව විද්‍යාලයේ විදුහල්පති වරයා ලෙස කටයතු කළේය.

Read More

නව ශ්‍රී ලංකාවක් ගොඩ නැංවීමේදී අධ්‍යාපනයේ පරිවර්තනයක් අවශ්‍ය බවත් ඒ් වෙනස කිරීමට සූදානම් බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ජාතික නිදහස් උත්සවයේදී ජාතිය අමතමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අදට (04) යෙදෙන ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි සේවයේ නියුතු සෙසු නිලයන් 9,158 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් දක්වා උසස් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ලාංකිකයන් ලෙස අප සැමගේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වීමු.

Read More

ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වෙන් ජාතික නිදහස් සැමරුම් උත්සවය පෙරවරු 7.50 ට ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.