නෝර්වුඩ් උප සභාපති ධූරය ලංකා කම්කරු කොංග්‍රසයට
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුව පැවති උප සභාපති ධූරය සදහා ලංකා කම්කරු කොංග්‍රසයේ රෙන්ගසාමි කාමරාජා මහතාව (16) දින එම සභා රැස්වීම් ශාලාවෙදි පැවති විවෘත ඡන්ද විමසීමකදී ඡන්ද 11කින් තෝරා පත් කර ගනු ලැබූහ.
එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කල සමගි ජන බලවේගය නියෝජය කල නඩරාජා සිවකුමාර් මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම සභාවට සමගි ජන බලවේගයෙන් සෙල්ලදුරෙයි ජෙගනාදන් මහතා පත් කිරිමෙන් අනතුරුව එම සභාවට උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම සභා රැස්වීම ශාලාවේදි පැවැත්විණ.
උප සභාපති ධූරය සදහා සමගි ජන බලවේගයේ වීරප්පන් මංජුලා මහත්මිය තරග කල අතර, ඇයට ඡන්ද 07ක් පමණක් ලැබී තිබුණි.
මෙම ඡන්ද විමසීමේදි සමගි ජන බලවේගය නියෝජනය කරන එක් මන්ත්‍රීවරියක් (16) දින සභාවට නොපැමිණි අතර, එම සභාව නියෝජනය කරන ස්වාධීන මන්ත්‍රී ඩැනියෙල් නොයෙල් ජෙනස්ටර් මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ජාතික ජන බලවේගයේ බලය පිහිටුවා ඇති නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීධූර 20කින් සමන්විත වේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
