දකුණේ සෞඛ්‍ය සේවකයන් 152ක් එකම ස්ථානයේ
වාර්ෂික ස්ථානමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවිම හේතුවෙන් දකුණු පළාත් සෞඛ්‍යසේවා දෙපාර්තමේන්තුවේ ආයතන හයකට අයත් තනතුරු 22කට අයත් නිලධාරින් 152 දෙනෙකු වසර පහකට වඩා වැඩිකාලයක සිට එකම සේවා ස්ථානයේ සේවයේ නිරතවන බවට ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
දකුණු පළාත් අයුර්වේද දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් වසර හයකට වඩා වැඩිකාලයක සිට එකම සේවා ස්ථානයක සේවයේ නිරතව සිටින බවද විගණන වාර්තාවේ සදහන් වේ. චක්‍රලේඛ ප්‍රකාරව ස්ථානමාරු ක්‍රියාත්මක කළයුතුව ඇති බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත.
ස්ථානමාරුව්මි සදහා අයදුම්කරණු ලබන සියලු නිලධාරින් සදහා මාරු මණ්ඩල මගින් ස්ථානමාරුව්මි ලබා නොදිම, අභියාචනා මණ්ඩල තිරණ පරිදි ස්ථාන මාරුවිම් නියේග අවලංගු කිරිම, හා ස්ථාන මාරුවිම් ලද පසු අනුප්‍රාප්තික නිලධාරින් නොපැමිණිම මත ආයතනවලින් නිලධාරින් නිදහස් නොහැකිවිම මේ සදහා හේතුවි ඇති බව දකුණු පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන්කොට ඇත. වසර පහකට වඩා වැඩිකාලයක් එකම ආයතනයක සේවය කරණු ලබන නිලධාරින් සිටින බවත් මෙම තත්ත්වය මගහරවා ගැනිම සදහා අවශ්‍ය කටයුතු සිදුකරණු ලබන බවද ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.
දකුණු පළාත් සභාව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
