උදෑසන ආහාරවේල විෂවි ළමුන් පිරිසක් රෝහලට
පාසලෙන් ලබා දුන් උදෑසන ආහාර විෂ වීමකින් ළමුන් 35 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහල වෙත (17) ඇතුලත් කල බව වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා පැවසීය.
වටවල පොලිස් වසමට අයත් ටෙම්පල්ස්ටෝ වතුයායේ (17) දින උදෑසන ලබා දුන් ආහාර අනුභව කිරිමෙන් පසු එම ළමුන්ට ඇති වූ වමනට, ක්ලාන්තය සහ පපුවේ අමාරුව හේතුවෙන් ළමුන් තම රෝහලට ඇතුලත් කල බවයි වටවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයා කියා සිටියේ.
උදෑසන ආහාරය සදහා බත්, අල, බීට්රූට් ව්‍යංජනයක් සහ පලා වර්ගයක් ලබා දුන් බවයි එම ආහාර අනුභව කල පාසල් සිසුන් කියා සිටියේ.
එම පාසලේ 3 වසරේ සිට 5 වසර දක්වා ළමුන් මෙසේ රෝගාතුර වී ඇති බවත්, රෝහලට ඇතුලත් කල ළමුන්ගේ තත්වය බරපතල නොවන නිසා රෝගාතුර වූ ළමුන්ට ප්‍රතිකාර ලබා දී එම ළමුන් පිරිස දෙමව්පියන් සහ ගුරුවරුන් වෙත භාර දුන් බවයි දිස්ත්‍රික් වෛද්‍යවරයා කියා සිටියේ.
රෝහලට ඇතුලත් කල ළමුන්ගේ සුව දුක් සොයා බැලීමට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාද පැමිණ සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙන් වෙන්ව පරික්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
