මහජන උපයෝගිතා කොමිෂම හිතූ හිතූ ලෙස වැටුප් හා දිමනා අරගෙන
භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතිය ලබාගැනිමකින් තොරව ශ්‍රිලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යමණ්ඩලයට දිමනා වර්ග 07ක් යටතේ රුපියල් පන්කෝටි,අනුහත්ලක්ෂ,අනුනමදහස්,හැටඑකක මුදලක් (59,799,061) ඉකුත් වර්ෂය තුල (2025) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
එමෙන්ම මුදල් අමාත්‍යංශයේ පූර්ව අනුමැතිය ලබාගැනිමකින් තොරව කොමිෂන් සභාව විසින් ඉකුත් වර්ෂයේ (2025) අප්‍රේල්මස 01 වැනිදින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩිකරගෙන තිබුණි. එම වැටුප් වැඩිවිම ප්‍රතිශතයක් ලෙස සියයට 34 සිට සියයට 145 දක්වා පරාසයක පැවති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ පිළිබද කොමිෂන් සභාව විසින් විගණනයට සදහන්කොට ඇත්තේ 2002 අංක 35 දරණ ශ්‍රිලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 12 (1) වගන්තිය යටතේ කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය සම්බන්දයෙන් සේවක සංඛ්‍යාව කළමණාකරණය, පාරිශ්‍රමික අනුපාත සහ වෙනත් ප්රතිලාභ තිරණය කිරිමේ අවසාන බලය කොමිෂ්න සභාව වෙක පැවරි ඇති බවය.
2024 අංක 44 දරණ රාජ්‍ය මුල්‍ය කළමණාකරණ පනතේ විධිවිධාන වලට අනුකුලවිය යුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
