saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5805 hours ago

LATEST

මොරටුව සරසවියේ වෛද්‍ය පීඨයට කුවේටයෙන් මිලියන 6000ක්

calendar_today 2022 පෙබ 03 - 12:25 remove_red_eye - 605  

මොරටුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම හා නිම කිරීම සඳහා, ඉතා සහනදායී ණයක් ලෙස රුපියල් මිලියන 6000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට,කුවේට් අරමුදල එකඟත්වය පළ කර තිබේ. ඒ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඊයේ (02දා) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදීය.

(LONG READS) පසුගිය වර්ෂයේ අගෝස්තු මස පවත්වන්නට යෙදුණු නමුත්, කෝවිඩ් වසංගතයේ බලපෑම මත කල් ගිය අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා (07) ආරම්භ වීමට නියමිතයි. මේ ඒ සඳහා මුහුණ දෙන දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගියදා පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඉදිරිපත් වූ අයුරුයි.

Read More

කහතුඩුව පොල්ගස්ඕවිට ඒ ටි එම් කුටියක අමතකව දමා ගිය බැංකු කාඩ් පතක් සොරාගෙන රන් භාණ්ඩ මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පැවසීය. ඔවුන් දෙදෙනාම මීට දින කිහිපයකට ඉහත දී පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ පුද්ගලයන් බව විමර්ශනවලදී හෙළිවී ඇත.

Read More

මන්ත්‍රී වැටුපක් ලැබුට මම රට වෙනුවෙන් සමාජ ව්‍යාපාරයක් හදනවා. මට මාසෙට කෝටි 10ක් තිබණත් මදි.

Read More

බෙන්තොට ගාලුපාරේ පැරණි ප්‍රාදේශීය සභා කාර්යාලය ආසන්නයේදී අද(3දා) ත්‍රීරෝද රථයක් මෝටර් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් ත්‍රීරෝද රථයට බරපතල හානි සිදුවී එහි ගමන් ගත් රියදුරු ඇතුළු දෙදෙනෙකු බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට සහ බෙන්තර රෝහලට ඇතුළත් කර ඇතැයි බෙන්තොට පොලීසිය පවසයි.

Read More

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කොවිඩ් ආසාදනය වි තිබේ. මේ අනුව පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරු සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම්කළ සංචිතයට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නටද ’කෝවිඩ්-19’ වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුට මෙම තරග සංචාරය අහිමිවනු ඇත.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.

Read More

මධ්‍යම කඳුකරයේ පවතින වැසි රහිත අධික වියලි කාලගුණය හේතුවෙන් මහවැලි ගඟ පතුලටම සිඳි ඇති අයුරු තැන්නේකුඹුර පාලම අසලින් දිස් වන අයුරුයි මේ.

Read More

තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. අද අලුයම ඔවුන් ඔස්ට්‍රේලියා බලා පිටත්ව ගියේය.

Read More

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට ධුරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට ඉඩ ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.

Read More

’’අපි නිගමනය කරන්නේ ඔමික්‍රෝන් BA.2 උප ප්‍රභේදයට සහජයෙන්ම BA.1 ප්‍රභේදයටට වඩා සැලකිය යුතු ලෙස සම්ප්‍රේෂණය කළ හැකි බවයි. එය ආසාදනයට එරෙහිව එන්නත් කිරීමේ ආරක්ෂිත බලපෑම තවදුරටත් අඩු කරන අතරම, ප්‍රතිශක්තිකරණය මගහැරීමේ ගුණයෙන් යුතුයි’’ ඩෙන්මාර්ක අධ්‍යයනයේ පර්යේෂකයෝ පැවසූහ.

Read More

බඩු මිල අහස උසට යාමට ඉඩ හැර ජනතාවගේ ආර්ථික සමාජයීය නිදහස අහිමි කළ ආණ්ඩුව තිබෙන ඩොලර් ටිකත් නාස්ති කරමින් නිදහස් දිනය ’උජාරුවෙන්’ සැමරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

අගුලු දැමීමේදී මහජන රැස්වීම් තහනම් කෙරෙන අතර, පාසල්ද වසා දමනු ඇත. අත්‍යාවශ්‍ය සේවා සහ සමහර රාජ්‍ය සේවා පමණක් විවෘතව පවතී.

Read More

රජය විසින් වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙන බවත්, මේ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 90කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 92කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95කටත් මිලදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

Read More

යම් ආසාදනයක් අනාවරණය වූ වහාම ක්‍රියාත්මක වෙමින්, කඩිනමින් සම්ප්‍රේෂණයන් වැළැක්වීම මගින්ම සටන ජයගැනීමට උනන්දු වූ චීනය, මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් අසාර්ථක වී ඇති පසුබිමකත්, ඉහළම ආර්ථික වර්ධනයක් සහිතව ජයග්‍රාහී මාවතක ගමන් කරන්නේ එබැවින් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

අනතුරුදායක ගෘහස්ථ එල් පී ගෑස් සිලින්ඩර අලෙවි කර කාන්තාවක් මිය යාමට සැලැස්වීම සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති වරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට පොලිස්පති වරයා සහ නීතිපතිවරයාට නියෝග කරන්නයි ඉල්ලා මියගිය කාන්තාවගේ සැමියා සහ දරුවන් සිවුදෙනා අද(02දා) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය .

Read More

’’ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම සහ එහි තාවකාලික නමුත් සැලකිය යුතු බලපෑමක් හේතුවෙන් 2022 ආරම්භයේදී ශ්‍රම වෙළෙඳ පොළෙහි ප්‍රකෘතිය පියවරක් පසුපසට ගියා’’ යැයි ADP හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නෙලා රිචඩ්සන් පවසා සිටියාය.

Read More

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලයතුළදී සිය වත්කම් හාආදායම්වලින් උපයාගත නොහැකි, අල්ලස් මගින්උcපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙකුව සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුනි 17වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (02දා) නියම කළේය.

Read More

ඉන්දියාවේ මෙවර අයවැය ඉදිරිපත් කරමින්, එරට ආරක්ෂක අයවැය ඉන්දියානු රුපියල් ට්‍රිලියන 5.25ක් (එක්සත් ජනපද ඩොලර් බිලියන 70ක් පමණ) දක්වා වැඩි කරන කර ඇති අතර, එය පසුගිය වසරට වඩා 9.8%ක ඉහළ දැමීමකි.

Read More

කල්පිටියේ අර්ධද්විපයේ වගාකර ඇති රාබු වගාව විකුණා ගැනිමට නොහැකිව වල දමන බව වගාකරුවන් පවසති.මෙවර කල්පිටිය අර්ධද්විපයේ දළුව,මාන්පුරිය,නොරෝච්චෝල,ඉලන්තඩිය,ආලංකුඩා,ඇතුළු ප්‍රදේශ ගණනාවක වගා කර ඇති අතර එය අක්කර 500 කට ආසන්න බව පවසති. මෙම රාබු වගාවෙන් පසුගිය දින කිපයදි රාබු කිලෝ ලක්ෂ ගනනක් තම වගාවෙන් ගලවා ඉවත් කර වල දැමු බව වගාකරුවන් පවසති.

Read More

සිමෙන්ති රැගෙන යමින් තිබූ ලොරියක් කහතුඩුව පොල්ගස්ඕවිට හන්දියේ දී යතුරුපැදියක ,ත්‍රීරෝද රථයක හා මෝටර් රථයක ගැටී අනතුරුව වෙළඳසැලකට කඩා වැදීමෙන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලැබූ බව කහතුඩුව පොලිසිය පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මන්නාරම තම්බපවනි සුළං ගොවිපොළ සහ එහි දෙවන අදියරේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ය. ශ්‍රී ලංකාවේ පළමු සහ විශාලතම සුළං බලාගාරය වන්නේ ද මෙයයි.

Read More

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමට පැමිණි පුද්ගලයන් අතරින් පුද්ගලයන් 06ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධියට සම්බන්ධවූවන්ට තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වීම සඳහා පෙබරවාරි මස 07 වනදා සිට රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. නැවත පාසල් ආරම්භය මාර්තු මස 07 වනදා සිදුකිරීමට නියමිතය.

Read More

අසාර්ථක අස්වැන්න, අඩුවෙමින් පවතින විදේශ විනිමය සංචිත සංරක්ෂණය කිරීම සඳහා ආනයන සීමා කිරීම් සහ ප්‍රධාන භාණ්ඩවල ඉහළ මිල ගණන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය පාකිස්තානයේ උද්ධමන අනුපාතයත් ඉක්මවමින් ආසියාවේ ඉහළම උද්ධමන අනුපාතය ඇති රට බවට පත්ව තිබේ.

Read More

මඩකලපුව මුලස්ථාන පොලිස් වසමේ ඌරණි ප්‍රදේශයේදී කුකුළන් රැගත් ලොරියක් වේගය පාලනය කර නොහැකිව යතුරු පැදියක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් ගත් කාන්තාව බරපතල තුවාල ලබා ඇත‍. කුකුළන් විශාල ප්‍රමාණයක් ද මියගොස් තිබේ. මෙම අනතුර සම්බන්ධව මඩකලපුව මුලස්ථාන පොලීසිය විමර්ශනය පවත්වයි.

Read More

COVID-19 තවදුරටත් “සමාජමය වශයෙන් අසාධ්‍ය රෝගයක්” නොවන බවත් ඒ අනුව තම කොවිඩ් සීමා බොහෝමයක් ඉවත් කරන බවත් ඩෙන්මාර්කය පවසයි.

Read More

රාගම වෛද්යස පීඨයේ සිසුන්ට සිදුකළ පහරදීම පිළිබඳව විධිමත් හා පූර්ණ පරීක්ෂනයක් සිදුකරන ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්යද රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.