saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5776 hours ago

LATEST

පරිභෝජනයට නුසුදුසු පාකිස්ථාන් අර්තාපල් කිලෝ 40.000ක් දඹුල්ලේ

calendar_today 2022 පෙබ 10 - 10:54 remove_red_eye - 150  

පාකිස්ථානයේ සිට ගෙන්වා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ හතලිස් දහසක පමණ ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩා දෙකක තිබී අද (10දා) සොයා ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

දැනට ක්‍රියාත්මක වන වෛද්‍ය සේවා වෘත්තිය සංගම් ක්‍රියාමාර්ගය මගින් රටේ දිළිඳු ජනතාව ඉතා අන්ත අසරණ බවට පත්කර ඇති බවත් රෝගීන් ඉතා අසරණව ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

’’අද වෙනකොට රූෆ් ටොප් සොලර් ගත්තොත් එහෙම මෙගාවොට් 40ක් තියෙනවා ගෙවල්වල සෝලර් හයි කරල විදුලිබල මණ්ඩලයෙන තවම කනෙක්ෂන් එක දෙන්නෙ නැතුව. අවුරුද්දක් එකහමාරක් , සමහර ඒව අවුරුදු දෙකක් විතර වෙනවා. මෙන්න මේ කියන දේවල්වලට අපි විදුලි බල මණ්ඩලයත් සමඟ සාකච්ඡා කරල තීන්දු තීරණ අරගෙන අදාළ නිලධාරීන් දැනුවත් කරල මේව මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් පාචිච්චි කරන්න පුළුවන් තත්ත්වයට අපි පත් කරල තියෙනවා.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුළ බූස්ටර් මාත්‍රාව හෙවත් තෙවන් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 6කට ආසන්න වී තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය අද පෙරවරුවේ නිකුත් කළ දත්ත අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට පුද්ගලයන් 5 942 255ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.

Read More

පස්, කළුගල්, වැලි, හා මැටි වැනි ඛනිජ සම්පත් කැණීම් සිදු කෙරෙන ස්ථාන මෙන්ම දැනට එම ව්‍යාපෘති අවසන් කළ ස්ථාන සියයට 100ක් ම දැවැන්ත පාරිසරික හානියක් සිදු කරන ස්ථාන බවට පත්ව ඇති බවත් එමෙන්ම කැණීම් ස්ථාන සියල්ලම පාහේ මරඋගුල් බවට පත්ව ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (09) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට දැනුම් දුන්නේය.

Read More

අධීක්ෂණය, අවදානම් වැළැක්වීම, මූල්‍ය තාක්ෂණය, හරිත මූල්‍ය සහ ඩිජිටල් මුදල් ඇතුළු පුළුල් පරාසයක ප්‍රමිතිකරණය වැඩිදියුණු කිරීමට බලධාරීන් සැලසුම් කරයි.

Read More

දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනය කිරීම සඳහා ආරාධනා ලැබී තිබෙන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10දා) අලුයම දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.

Read More

පසුගිය වසරේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළේ ගුවන් මගී මෙහෙයුම් 32,957ක් සිදුව තිබේ. හසුරුවා ඇති ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව 722කි. ඉන් 584ක්ම ජාත්‍යන්තර ගුවන් යානා මෙහෙයුම් වීම විශේෂත්වයකි. මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළේ පසුගිය වසරක කාලය තුළ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් 138ක්ද සිදුව ඇතැයි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මෙම වසරේ ජනවාරි 01වැනිදා සිට පෙබරවාරි මස 03වැනිදා දක්වා සංචාරකයන් 2,919ක් මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණ ඇතැයිද මත්තල ගුවන්තොටුපළ වාර්තා සඳහන

Read More

අගමැති ජසින්ඩා ආර්ඩර්න් විරෝධතාකරුවන්ට පැවසුවේ ’’කරුණාකර ඉවත්වෙන්න’’ කියාය. එසේම, ’’මෙම පෙලපාලිය මගින් නවසීලන්තයේ ඉදිරි ගමන කොතැනකද යන්න පිළිබිඹු නොවන’’ බවද ඇය අවධාරණය කළාය.

Read More

අද විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මගින් කරනු ලබන සංස්කෘතික, ජාතික හා සමාජ ව්‍යසන පිළිබඳමීට වඩා අපි සැලකිල්ලක් දක්වන්න ඕන.අද සමාජ මාධ්‍යයේ ටික් ටොක් කියලා එකක් තිබෙනවා. මේ විදියට අද සමාජ මාධ්‍ය ජාලා තුළින් ඇති වෙලා තිබෙන මේ ව්‍යසනය පිළිබඳ, මම කියන්නේ නෑ සමාජ මාධ්‍ය තහනම් කරන්න ඕනී කියලා නමුත් මෙය නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා කාලය පැමිණ තිබෙනවා.

Read More

ලෙටිෂියා රැජින සහ යුවළගේ බාල දියණිය සොෆියා රෝග ලක්ෂණ නොපෙන්වන අතර, ඔවුන්ගේ ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි කරගෙන යනු ඇති බව ස්පාඤ්ඤයේ රාජකීය මාලිගාව නිවේදනය කරයි.

Read More

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළද සැලක තිබු පිං කැටයක් කඩා රුපියල් 1408ක මුදලක් සොරාගත් පොලිස් කොස්තාපල්වරයකු, මොරටුව පොලිසිය විසින් ඊයේ (08දා) අත්අඩංගුවට ගනු ලැබුහ.

Read More

ඇයට සඳුදා උගුරේ අමාරුවක් තිබූ අතර, අඟහරුවාදා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළාය. ඇය දැන් ඉම්පීරියල් මාලිගාව තුළම පිහිටි රෝහලක ප්‍රතිකාර ලබන බව කියයි.

Read More

ආඩිගම කීරියන්කල්ලිය මාර්ගයේ ප්‍රදේශයේදී අද (09දා) ලොරි රථයක් පාපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් මුන්දලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇතිබව මුන්දලම පොලීසිය පවසයි.

Read More

නොවැම්බර් මාසයේදී එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ලබාගත් 81 හැවිරිදි රැජින අඟහරුවාදා සවස ධනාත්මක බව පරීක්‍ෂා කළ අතර, ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බව එරට රාජකීය මාලිගාව නිවේදන කරයි.

Read More

ගොවි ජනතාව වෙනුවෙන් තමන් අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ අද (09දා) පැවැති පොදුජන පෙරමුණ විසින් සංවිධානය කල පොදුජන රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය.

Read More

’’ වසර දෙකක් තුළ ගොවියා පාරට කවුද ගෙනාවේ. ගුරුවරයා පාරට කවුද ගෙනාවේ. ඉදිරි වසර තුනත් අවුල් කරන්න හදන්නේ. අපිටත් වැල්ලේ ඇවිදලා පුරුදුයි. අපිටත් පාද යාත්‍රා හුරුයි. අපිත් ජනතාව අතරට යනවා. අපිත් ගොවියා අතරට යනවා. අපි ඒ අභියොගයට සූදානම්’’

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත වාර්තාව පිළිබඳ මාර්තු මාසයේදී විවාදයක් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය පැවැත්වෙන අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මීට සුළු මොහොතකට පෙර එක්වූහ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් තහනම ලබන මැයි මස 24 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් දෙදෙනාට විදෙස් ගතවීමට අද (09දා) අවසර ලබාදුන්නාය.

Read More

බොරැල්ලල සියළු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප‍්‍රශ්න කළ දේවස්ථාන සේවකයා මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රාජින්ද්‍රා් ජයසූරිය මහත්මිය අද (09දා) නියම කළාය.

Read More

අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙහි අද (9දා) පැවති චිත්‍ර විෂයෙහි දෙවන කොටස ප්‍රශ්න පත්‍රය ලබා නොදුන් බවට විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනෙකු විසින් ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කොට තිබේ.

Read More

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

රටක මහ බැංකුවක් ස්වාධීන විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ ඩොලර් ප්‍රශ්නයක් නැතැයි කියමින් දේශපාලකයෙකු මෙන් හැසිරෙමින් ජනතාව ඇන්දවීමට ගන්නා උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 67 වැනි සාංවත්තසරික උත්සවය ඊයේ (08දා) ජනමාධ්‍ය අමාතය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යුනෙස්කෝ හී ශ්‍රී ලංකා කොමිසමේ මහ ලේකම් ආචාර්ය පුංචිනිළමේ මීගස්වත්ත මහතා ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වූහ.

Read More

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ගෙවීමට තිබෙනා සියලු ණය ගෙවා දනමන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ, ශ්‍රී ලංකාව ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම පැහැර හැරීමක් අබියස සිටින බවට පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

Read More

නිවාස අහිමි මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිකෙරෙන නිවාස 5,000 වැඩපිළිවෙළ යටතේ මාලඹේ ඉදිකළ නිවාස 256 කින් යුතු මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

මෙම 25%ක බද්ද ගසා තිබෙනුයේ වර්ථමාන ආණ්ඩුව බවත් එම ක්‍රියාමාර්ගය පසුගිය යහපාලන රජය සිදු කළ බවට ආණ්ඩු පාර්ශවය චෝදනා කරමින් සිටින බවත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳ අදහස් පළ කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ජා-ඇල ඒකල ප්‍රදේශයේ ඊයේ (08දා) රාත්‍රී සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් ව තිබූ බව ජා-ඇල පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහරය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ගෙන යන සටනට ප්‍රැන්සිස් පාප් වහන්සේ සහයෝගය ලබා දෙන බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.