කැළණිවැලි දුම්රිය මාර්ගයට නව කාර්යාල දුම්රියක් ධාවනයට එක්කිරීමත් සමගින් එම දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනේ සුළු වෙනසක් සිදුකිරිමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (15දා) දිනයේ සිට මෙම කාලසටහන් සංශෝධනය ක්රියාත්මක වෙයි. වග දුම්රිය ස්ථානයේ සිට ධාවනය ආරම්භ කරන මෙම නව දුම්රිය එම දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.20ට ගමන් ආරම්භ කරන අතර එම දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.00 වග බලා ගමන් ආරම්භ කිරීමට නියමිතය.