අම්බලන්තොට, උස්සන්ගොඩ, කොච්චිම මුහුදු වෙරළේදී මුහුදු රළ පාගමින් සිටි පුද්ගලයන් 4ක් මුහුදු රළට ගසාගොන ගොස් ඇති අතර මෙහිදී එක් පුද්ගලයෙකු ගොඩට පීනා වීත් සිය ජීවිතය බේරාගෙන ඇති අතර ඉතිරි තිදෙනා අතුරුදන්ව තිබේ.
අවුරුදු 55ක මවක්, අවුරුදු 16ක් වන එම මවගේ පුතා, වයස අවුරුදු 22ක් වන එම මවගේ සහෝදරියගේ පුතා මෙසේ අතුරුදන්ව තිබේ.
අතුරුදන්ව ඇති පුද්ගලයන් සොයා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ. දෙනියාවේ පදිංචි ඥාතීන් පිරිසක් අද දිනයේ උදෑසන ලුනව ප්ර දේශයේ පදිංචි ඥාතීන් පිරිසක් බැලීමට පැමිණ තිබේ.
පසුව ඔවුන් ආගමික කටයුතු සඳහා එක්වීමෙන් අනතුරුව මුහුදු රළ පෑගීමේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහණ දී තිබේ.